Me Nagaraya Song Lyrics - මේ නගරය ගීතයේ පද පෙළ

Me Nagaraya Song Lyrics - මේ නගරය ගීතයේ පද පෙළ
Song Title : Me Nagaraya (මේ නගරය)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි //

ගං ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජිවිතයම හීනයකැයි කියා හිතෙනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Nagaraya Song Lyrics - මේ නගරය ගීතයේ පද පෙළ Me Nagaraya Song Lyrics - මේ නගරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2021 Rating: 5

0 comments:

Post a Comment