Adara Charika Song Lyrics - ආදර චාරිකා ගීතයේ පද පෙළ

Adara Charika Song Lyrics - ආදර චාරිකා ගීතයේ පද පෙළ
Song Title : Adara Charika (ආදර චාරිකා)
ගායනය : අමිතා වැදිසිංහ සහ ඒ. එල්. බී. කන්දෙපොල
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : වික්ටර් දළුගම


ආදර චාරිකා
ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන
ආදර චාරිකා

දේදුනු මාළිගා
ජීවන මාළිගා
ආදර සිතකින් හදනා
ජීවන මාළිගා

කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන් පායලා
අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා

ආදර චාරිකා
ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන
ආදර චාරිකා

සුරම්‍ය සීන ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැළ්ම නඟයි චංචල නෙත් තාරුකා
තුෂාර කඳුළු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායලා

ආදර චාරිකා
ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන
ආදර චාරිකා

දේදුනු මාළිගා
ජීවන මාළිගා
ආදර සිතකින් හදනා
ජීවන මාළිගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Charika Song Lyrics - ආදර චාරිකා ගීතයේ පද පෙළ Adara Charika Song Lyrics - ආදර චාරිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2021 Rating: 5

0 comments:

Post a Comment