Bol We Ahuru Song Lyrics - බොල් වී අහුරු ගීතයේ පද පෙළ

Bol We Ahuru Song Lyrics - බොල් වී අහුරු ගීතයේ පද පෙළ
Song Title : Bol We Ahuru (බොල් වී අහුරු)
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ 


බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..

බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bol We Ahuru Song Lyrics - බොල් වී අහුරු ගීතයේ පද පෙළ Bol We Ahuru Song Lyrics - බොල් වී අහුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment