Ran Tharu Payana Song Lyrics - රන් තරු පායන ගීතයේ පද පෙළ

Ran Tharu Payana Song Lyrics - රන් තරු පායන ගීතයේ පද පෙළ
Song Title : Ran Tharu Payana (රන් තරු පායන)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : ස්ටැන්ලි පීරිස්
තනුව : ස්ටැන්ලි පීරිස්



රන් තරු පායන
අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිණු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද ඉන්නේ

මිහිර සොයා ගිය
මගෙ ජීවය ගැන
කඳුළැලි හා ළතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල බැඳ
තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මට නම් නැහැ වැටහෙන්නේ

රන් තරු පායන
අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිණු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද ඉන්නේ

පලා දෙපලු කළ හදවත දැන්නම්
කාට එකතු කළ හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුළ හැම වේලේ

රන් තරු පායන
අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිණු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද ඉන්නේ

මිහිර සොයා ගිය
මගෙ ජීවය ගැන
කඳුළැලි හා ළතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ ////.

මේ ගීය මුලින් ගායනා කළෙත් ස්ටැන්ලි පීරිස් මයි. ඒ ඔහු ෆෝචූන්ස් සංගීත කණ්ඩායම හදාගෙන දිගු ගමනක යෙදී ඉන්න අවදියේ.

මා සොයා බැලුවා ස්ටැන්ලිගේ හඬින් ගැයුණු ගීය සොයාගන්න. ඒත් එය සංරක්ෂණය වී නැහැ. සජීවීව නම් ස්ටැන්ලිගෙ හඬින් මා මේ ගීය අසා තියෙනවා කැන්ඩි ලේක් ක්ලබ් එකේදි.

පසු කලෙක, ස්ටැන්ලි ඉතා නිහතමානිව මේ ඔහුගේම නිර්මානය කීර්තිට ගයන්නට දෙනවා. කීර්තිගේ පළමු ගී තැටිගත කිරීමේදී මේ ගීයත් ඇතුලත් වුණා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Tharu Payana Song Lyrics - රන් තරු පායන ගීතයේ පද පෙළ Ran Tharu Payana Song Lyrics - රන් තරු පායන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2021 Rating: 5

0 comments:

Post a Comment