Thath Thath Thath Thara Petiya Song Lyrics - තත් තත් තත් තාර පැටිය ගීතයේ පද පෙළ

Thath Thath Thath Thara Petiya Song Lyrics - තත් තත් තත් තාර පැටිය ගීතයේ පද පෙළ
Song Title : Thath Thath Thath Thara Petiya (තත් තත් තත් තාර පැටිය)
Singing : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Lyrics : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Music : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)


තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි

කිරට ගියා අම්මි පුතේ
කිරි එරවා එන්ට පු‍තේ
කිරි මුට්ටිය අතින් පුතේ
ගඟේ වැටි දොයි
අම්බිලියෝ පිනෝ පිනෝ
වළං කදක් ගෙනෝ ගෙනෝ
අන්න පුතේ මුවා වෙලා
වලාකුළේ දොයි
අන්න පුතේ මුවා වෙලා
වලාකුළේ දොයි

තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නෙ නෑ
බබුට බයේ දොයි
චූටි බබා කෝ කියා
පුතාට දොයියන්න කියා
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි

තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි

දොමි තරිකිට තාන් කියා
කරිකිට තක දෝං කියා
වැල ගෙඩියක් ආන් පුතේ
ගහින් වැටී දොයි
ඔන්න බබෝ බිල්ලො එනවෝ
අඬන ළමයි අල්ලනවෝ
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි

තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි

තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thath Thath Thath Thara Petiya Song Lyrics - තත් තත් තත් තාර පැටිය ගීතයේ පද පෙළ Thath Thath Thath Thara Petiya Song Lyrics - තත් තත් තත් තාර පැටිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment