Thahanam Adaraye Song Lyrics - තහනම් ආදරයේ ගීතයේ පද පෙළ

Thahanam Adaraye Song Lyrics - තහනම් ආදරයේ ගීතයේ පද පෙළ
Song Title : Thahanam Adaraye (තහනම් ආදරයේ)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)
පද : ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා ..//
මා බැලුවේ කම්පාවී
කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා

ගැඹුරු ඔබේ දෑස පුරා ජීවිතේ පෙනේ
දෑත මගේ දෑතෙ ඔබා නොකී දුක් දැනේ ...//
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා ඉඳිනු කෙසේදෝ උමතු නොවී

තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා ...//
මා බැලුවේ කම්පාවී
කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා

පුපුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැතී
විස්මිත වූ නීල නුවන් අහස මෙන් දිලී ...//
මා වියරු වෙවි හිරිඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

තහනම් ආදරයේ (ආ.. ආඅආ...)
අවසන් බැල්ම දිහා  (ආ.. ආඅආ...) ..//
මා බැලුවේ කම්පාවී
කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා

තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thahanam Adaraye Song Lyrics - තහනම් ආදරයේ ගීතයේ පද පෙළ Thahanam Adaraye Song Lyrics - තහනම් ආදරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 17, 2021 Rating: 5

0 comments:

Post a Comment