Battichcho Oyath Ekka Song Lyrics - බට්ටිච්චෝ ඔයත් එක්ක ගීතයේ පද පෙළ

Battichcho Oyath Ekka Song Lyrics - බට්ටිච්චෝ ඔයත් එක්ක ගීතයේ පද පෙළ
Song Title : Battichcho Oyath Ekka (බට්ටිච්චෝ ඔයත් එක්ක)
Singing : Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල මහත්මිය)
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං //
නාමල් පෙත්තක නැඟිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං

අහස් ගඟේ ඉවුර දිගේ පළිඟු රිදී තරු මල් පිපිලා //
නෙළන්න මා ළංවෙන විට හැංගෙනවා ඈතට දුවලා //

බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං //
නාමල් පෙත්තක නැඟිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං

පාට පාට දේදුන්නේ සුරංගනා ඔන්චිල්ලාවේ //
වලාකුළේ ගෑවි ගෑවි සින්දු කියමු සින්දු විමානේ //

බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං //
නාමල් පෙත්තක නැඟිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං

කෑම සොයාගෙන ඇවිදින් අපෙ අම්මා මාව සොයාවී //
මට අනතුරු වෙයි කියලා ගොඩාරියක් එයා අඬාවී //

බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං //
නාමල් පෙත්තක නැඟිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Battichcho Oyath Ekka Song Lyrics - බට්ටිච්චෝ ඔයත් එක්ක ගීතයේ පද පෙළ Battichcho Oyath Ekka Song Lyrics - බට්ටිච්චෝ ඔයත් එක්ක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 17, 2021 Rating: 5

0 comments:

Post a Comment