Penunu Suwa Dasun Song Lyrics - පෙනුණු සුව දසුන් ගීතයේ පද පෙළ

Penunu Suwa Dasun Song Lyrics - පෙනුණු සුව දසුන් ගීතයේ පද පෙළ
Song Title : Penunu Suwa Dasun (පෙනුණු සුව දසුන්)
Singing : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Lyrics : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Music : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)


පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Penunu Suwa Dasun Song Lyrics - පෙනුණු සුව දසුන් ගීතයේ පද පෙළ Penunu Suwa Dasun Song Lyrics - පෙනුණු සුව දසුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment