Natasha Awidin Giya Song Lyrics - නතාෂා ඇවිදින් ගියා ගීතයේ පද පෙළ

Natasha Awidin Giya Song Lyrics - නතාෂා ඇවිදින් ගියා ගීතයේ පද පෙළ
Song Title : Natasha Awidin Giya (නතාෂා ඇවිදින් ගියා)
Singing : Kasun Kalhara & Indrachapa liyanage


නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

ආයෙත් ආයෙත් ආයෙත් එනවා
අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා
නිල් නිල් නිල් දැහැනේ එලෙනවා
සිත්සේ දොතොලේ පහසේ ඔබ මා
සිඹිනවා සිහිනෙන් තැවෙනවා

පමා වී ඈතට ඇදී
මීදුමේ රැහැනින් මිදී

හදවතේ ගිණි අවුලා
මා දෑසේ ගිණි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා

ළංවි වෙන්වි දුක් වී දුර ගෙවා
සයුරෙ රළසේ සිහිනේ මියැදුණා
සඳුගෙ තුරුලෙ විනිසේ ලිහුණා
උකුලේ ළමැදේ සයනේ ඔබ මා
සැනසුනා සිහිනේ මැවෙනවා

නතාෂා හුස්මක් තියා
නිදැල්ලේ සක්මන් කලා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Natasha Awidin Giya Song Lyrics - නතාෂා ඇවිදින් ගියා ගීතයේ පද පෙළ Natasha Awidin Giya Song Lyrics - නතාෂා ඇවිදින් ගියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 24, 2021 Rating: 5

0 comments:

Post a Comment