Himi Nowuna Nethu Song Lyrics - හිමි නොවුන නෙතු ගීතයේ පද පෙළ

Himi Nowuna Nethu Song Lyrics - හිමි නොවුන නෙතු ගීතයේ පද පෙළ
Song Title : Himi Nowuna Nethu (හිමි නොවුන නෙතු)
ගායනය : බාචි සුසාන්
පදවැල්ක : සුන් ප්‍රීමාල්
සංගීතය : සඳරැවන් ජයසිංහ


හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්

හුරතල් වෙවී කනට කෙදිරූ වදන් මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම් හිත දෙන්නෙ නැතිවද මෙදා
ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහේ නමින්
සිනහවී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා මගෙ හිතට දැන් හරි බයයි
පාළුවේ මාව තියලා දැන් එපා යන්න එපා යන්න එපා
මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himi Nowuna Nethu Song Lyrics - හිමි නොවුන නෙතු ගීතයේ පද පෙළ Himi Nowuna Nethu Song Lyrics - හිමි නොවුන නෙතු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment