Hathara Denayi Api Song Lyrics - හතර දෙනයි අපි ගීතයේ පද පෙළ

Hathara Denayi Api Song Lyrics - හතර දෙනයි අපි ගීතයේ පද පෙළ
Song Title : Hathara Denayi Api (හතර දෙනයි අපි)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

හිරු නැගිටින්නට කලියෙන් ඈ නැගිටින්නේ
කඩිසර ගමනකින් එහෙ මෙහෙ දුවන්නේ
අප්පච්චිට ඔපිස් යන්න උයන්නේ
එහෙන් මෙහෙන් කුස්සිය බඩු පෙරලන්නේ

අප්පච්චිගේ වැඩ ටික අහවර කරලා
ඈ දිව එන්නේ අපි සිව් දෙන වෙත දුවලා
හොදටම බඩගිනි වෙලා තරගෙට කෑ ගහලා
අම්මිව බය කරන්නේ අපි කතා වෙලා

හවස් වෙලා අප්පච්චි එන වේලේ
අම්මි රසට තේ වේලක් හදන වෙලේ
සාලේ පුරා අපි සෙල්ලම් කරපු වෙලේ
මල්ලි පැටලිලා හයියෙන් අඩයි බොලේ

අප්පච්චි ආව ගමන් අම්මි අපේ
බාර දෙන්නේ අප්පච්චිට අම්මි අපේ
ගෙදර සියලු වැඩ කරනා අම්මි අපේ
අපි හින්දා දුක් විදිනවා අම්මි අපේ

හතර දෙනෙක් එකතු වෙලා දෙන දඩුවම්
අම්මියා දවස තිස්සෙම ලබනා දඩුවම්
වරුවක් හෝ විඳගන්නට ඒ දඩුවම්
අප්පච්චිට දුන්නේ විදිනට දඩුවම්

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hathara Denayi Api Song Lyrics - හතර දෙනයි අපි ගීතයේ පද පෙළ Hathara Denayi Api Song Lyrics - හතර දෙනයි අපි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2021 Rating: 5

0 comments:

Post a Comment