Punchi Hora Wadak Song Lyrics - පුංචි හොර වැඩක් ගීතයේ පද පෙළ

Punchi Hora Wadak Song Lyrics - පුංචි හොර වැඩක් ගීතයේ පද පෙළ
Song Title : Punchi Hora Wadak (පුංචි හොර වැඩක්)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

අම්මියි තාත්ති රස්සාවට ගිහිල්ලා
සල්ලි ගොඩක් ලබා ගන්න වෙහෙසීලා
එන්නේ ගොඩක් රෑ බෝවී වෙහෙසීලා
දැක්කම දුකයි දෙන්නම ඇත දුක් විදලා

අම්මියා දුවන්නේ කුස්සියේ උයන්නයි
ගේ අස් කරලා අතුගාලා දමන්නයි
රෙදි ටික හෝදලා වේලා ගෙට ගන්නයි
හෙට දවසටත් අද රෑ වෙන් කරන්නයි

අප්පච්චියා කා එක්කද කතාවක්
පෝන් එකට නෑ නිදහස් වෙලාවක්
එකක් ඉවර කර තව ලොකු කතාවක්
පටන් ගනී නතර නොවන වෙලාවක්

උදේ ඉදන් මා ළඟ සිටි අත්තම්මා 
සෙල්ලම්කලේ බයි දුන්නේ අත්තම්මා
අම්මියි තාත්තියි ආ විට අත්තම්මා
මාව දොයි කරන්නට යන අත්තම්මා

බලන් හිටියේ මේ සෙල්ලම හැමදාමත්
හරියන්නේ නෑ මෙය නම් කොහොමටවත්
හයියෙන් කෑ ගසා ඇඩුවේ වතාවක්
තුරුලට පනින්නයි ඔවුනගේ මොහොතක්වත්

ඔක්කොම වැඩ අත් ඇරලා ඒ දෙන්නා
දුවගෙන ආවේ මං අඩනා හඩ ඇහිලා
දෙන්නම ළඟින් ඉඳගෙන උම්මත් දීලා
මා ළඟ හිටියා මං නැලවෙන තුරු ඉදලා

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Hora Wadak Song Lyrics - පුංචි හොර වැඩක් ගීතයේ පද පෙළ Punchi Hora Wadak Song Lyrics - පුංචි හොර වැඩක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2021 Rating: 5

0 comments:

Post a Comment