Visekari Song Lyrics - විසේකාරී ගීතයේ පද පෙළ

Visekari Song Lyrics - විසේකාරී ගීතයේ පද පෙළ
Song Title : Visekari (විසේකාරී)
Singing : Bachi Susan (බචි සුසාන් මහත්මා)
Lyrics : Sampath Pranandupulle (සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ)
Music : Pasan Liyanage (පසන් ලියනගේ)

අනුරාගී නුවන් හිමිකාරී උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී විසේකාරී..
ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ විසේකාරී..

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ..
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී..

කවිකාරී තෙපුල් මුමුණාවී සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය විසේකාරි..
මනලෝලි දසුන් ඉගිලේවි ඳගකාරි සිතුම් උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ විසේකාරි..

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ..
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..

දේදුන්නයි ඇ මා මුවැත්ති ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතැත්ති විසේකාරි..
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද විසේකාරි..

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ..
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Visekari Song Lyrics - විසේකාරී ගීතයේ පද පෙළ Visekari Song Lyrics - විසේකාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, January 03, 2021 Rating: 5

0 comments:

Post a Comment