සුන්දර හපුතලේ යමු 🍃🎋🌱 (Let's Go To The Beautiful Haputale)

සුන්දර හපුතලේ යමු 🍃🎋🌱 (Let's Go To The Beautiful Haputale)
තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා
ඒකාකාරී වෙහෙසකර ජිවිතයෙන් මිදිලා නිස්කලංක වටපිටාවක ආශ්වාදය විදින්නට යන්න හොදම තැනක් තමා හපුතලේ කියන්නේ.රේල් පීලි දිගේ,තේ වතු මැදින් පරිසරයේ මිහිරියාව විදින්නට කැමැති පුද්ගලයෙකු නම් එයටද කදිම ස්ථානයක් තමා හපුතලේ.

හපුතලේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රමණිය නගරක්.හපුතලය නගරය බණ්ඩාරවෙල සහ දියතලාව යන  නගර වලට ඉතා ආසන්නයි.

කෝච්චියෙන් හපුතලේ යන ගමන නම් හරි සුන්දරයි.සුන්දර තේ වතු මැදින් යන දුම්රිය ගමන ඔබේ විඩාව සන්සිදුවාවී.

කොළඹ කොටුවෙන් උදෑසන 8.30 ට පිටත් වෙන උඩරට මැණිකේ කෝච්චිය හපුතලේට ලගා වෙද්දී සවස 5 පමණ වෙනවා...

අහ් හපුතලේ දුම්රිය ස්ථානය ගැනත් කියන්න ඕනේඋඩරට දුම්රිය මාර්ගයේ 69 වන දුම්රිය ස්ථානයයි

ඉදල්ගස්හින්න සහ දියතලාව දුම්රිය ස්ථානය අතර තමා හපුතලේ දුම්රිය ස්ථානය තියෙන්නේ.

1893 ජුනි 19 වන දින තමා හපුතලේ දුම්රිය ස්ථානය විවෘත කරලා තියෙන්නේ.

හපුතලේ ගියාම ඔයාලට බලන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා ඒ තමා.
හපුතලේ පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1431ක් ඉහළින්.ඒ නිසා අපිට හරියටම හපුතලේ කාලගුණය නම් කියන්න බෑ.

හැබැයි වර්ෂය මුළුල්ලේම පාහේ හපුතලේට සෞම්‍ය කාළගුණයක් තමා පවතින්නේ.ඉතින් ඔයාලටත් නිවාඩුවක් හම්ඹුණාම හපුතලේ ගිහින් එන්න.

හපුතලේ view point එකත් හරිම ලස්සනයි.. එතනට ගියාම වටේ පෙනෙන්නේ හරිත මුහුදක් වගේ.හපුතලේ කන්ද නගින ගොන්නු දෙන්නත් එතන ඉන්නවා.. ගිහින් බලන්න...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුන්දර හපුතලේ යමු 🍃🎋🌱 (Let's Go To The Beautiful Haputale) සුන්දර හපුතලේ යමු 🍃🎋🌱 (Let's Go To The Beautiful Haputale) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 21, 2020 Rating: 5

0 comments:

Post a Comment