සර් තෝමස්‌ විලියස්ගේ - ඇඩිසම් බංගලාව 🏰🌹✝️ (Adisham Bungalow ❤️)

අද අපි කතා කරන්න යන්නේ ලස්සනම ලස්සන චමත්කාර බංගලාවක් ගැන.

ඒ තමා ඇඩිසම් බංගලාව

ලස්සන හපුතලේ කදුමුදුනක තමා මේ බංගලාව පිහිටලා තියෙන්නේ.කොතනින් කතාව පටන්ගන්නද කියලා හිතා ගන්න බෑ.

මෙහෙමයි. මේ බංගලාවට ඇතුල්වුන ගමන් මොනාලිසා වගේම චිත්‍රයක් තියෙනවා.

ඒ කියන්නේ කොයි පැත්තෙන් බැලුවත් අපි දිහාම බලන් ඉන්න පින්තූරක්. ඒ පින්තූරයේ ඉන්නේ "සර් තෝමස්‌ විලියස්‌".ඒ කියන්නේ මේ බංගලාවේ මුල් අයිතිකරු.

මෙම චිත්‍රය නිර්මාණය කොට ඇත්තේ ඉංග්‍රීසි ජාතික "ඩේවිඩ් පේන්ටර්" විසින්.

මම දැන් කියන්නම් මේකට ඇඩිසම් කියන නම වැටුණු හැටී.

මේ සර් තෝමස්‌ විලියස්‌ ඉපදිලා තියෙන්නේ එංගලන්තයේ ඇඩිසම් ග්‍රාමයේ ඒ නිසා තමා මේකට මේ නම දාලා තියෙන්නේ.

මේ බංගලාව 1927 තමා හදන්න ආරම්භ කරලා තියෙන්නේ හැබැයි 1931 තමා වැඩ නිම කරලා තියෙන්නේ.

ඊට පස්සේ 1948 දී මේ බංගලාව විමලා විජේවර්ධන මහත්මියට විකුණලා තියෙනවා.

පස්සේ 1959 දී විජේවර්ධන මහත්මිය විසින් මේ බංගලාව ක්‍රිස්‌තියානි ආගමික නිකායකට දීලා තියෙනවා.

මේ බංගලාව ඇතුලේ සර් තෝමස්‌ විලියස්‌ගේ බිරිද ඇදපු චිත්‍ර ‍රාශියක් දැක ගන්න පුලුවන්.ඒ වගේම ඔහු පරිහරණය කළ බඩු පොත්පත් එහෙමත් තියෙනවා.

ඔයාලා දන්නවද ඒ කදු මුදුනේ ඉදලා පහල බලද්දි අපිට පේන්නේ හරිත මුහුදක් වගේ.මේ අපේ ලංකාවමද කියලත් අපිට හිතෙනවා.

ගොඩනැගිල්ලෙහි සියලුම තැනීම් කටයුතු කලුගලින් තමා නිම කරලා තියෙන්නේ.

මහල් දෙකකින් සමන්විත මෙම නිවහනෙහි කාමර 25 ක්‌ ඇති අතර, ඉන් 12 ක්‌ ඉහළ මාලයේ පිහිටලා තියෙනවා.

සියලුම කාමරවලට උෂ්ණත්වය සැපයීම සඳහා ගල් අඟුරු උදුන් තියෙනවා.මේ භූමිය අක්කර 15ක් විශාලයි.

දින 3ක අපේ නුවරඑළි සංචාරය නිම කරමින් අවසානයට ආවේ ඇඩිසම් බංගලාවට තමා මම කවදාවත් මේ වගේ සුන්දර තැනක් නම් දැකලා තිබුනෙම නෑ.

අපිත් හිතුවේ කොරෝනා නිසා තාම වහලා ඇති කියලා. හැබැයි දැන් බංගලාව සංචාරකයින්ට විවෘතයී.

ඇතුල්වෙන්න රු.50ක මුදලක් අය කරනවා.ගිහින් බලලා ඒ ශාන්තබව විදගන්න.අපේ කැමරා ඇසේ සටහන්වූ පින්තූර ටික බලන්නකෝ.
Adisham Bungalow
Adisham monastery is an attraction not to be missed. A short drive from Haputale town will lead you to this absolutely gorgeous place. Adisham, a monastery run by Benedictine Monks, is wrapped in the tranquility of the misty hills… Surrounded by a birds’ sanctuary and a thick forest cover, Adisham is an ideal place for you to enjoy nature during your holiday in Sri Lanka.

The house was built in 1931 by an English aristocrat and planter Sir Thomas Villiers, former Chairman of George Steuart Co, a trading and estate agency based in Colombo. Sir Thomas was a grandson of Lord John Russell and descendant of the Dukes of Bedford.

Sir Thomas, after which it was sold to Sedawatte Mills owned by Vimala Wijewardene in 1949. In 1961 it was purchased by the Roman Catholic Church and was subsequently converted to a monastery. The house is well preserved along with its period fittings and furniture, and is open to visitors.












උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සර් තෝමස්‌ විලියස්ගේ - ඇඩිසම් බංගලාව 🏰🌹✝️ (Adisham Bungalow ❤️) සර් තෝමස්‌ විලියස්ගේ - ඇඩිසම් බංගලාව 🏰🌹✝️ (Adisham Bungalow ❤️) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2020 Rating: 5

0 comments:

Post a Comment