ලස්සන - ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය 🚂🚊🚉 (Idalgashinna Railway Station)

අද අපි කතාකරන්න යන්නේ බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම දුම්රිය ස්ථානයක් ගැන.ඒ තමා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය.

ඔහිය දුම්රිය ස්ථානය හා හපුතලේ දුම්රිය ස්ථානය අතර තමා මේ දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ 5වැනි උසින් පිහිටි දුම්රිය ස්ථානය තමා මේක.
මුහුදු මට්ටමේ සිට උස මීටර් 1666ක් පමණ වෙනවා.බදුලු දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානය වෙන්නෙත් මෙයයි.

ක්ෂණිකව වෙනස් වන ද්විත්ව කාළගුණයක් සහිත දුම්රිය ස්ථානයක් කිව්වොත් නිවැරදී.

ඒ කියන්නේ එක් මොහොතක පැහැබරවද තවත් මොහොතක මිහිදුමෙන් මුළු ප්‍රදේශයම වෙළාගන්න බවත් දැකගන්න පුළුවන්.

නිතරම මීදුමෙන් ගැවසුණු සිතලෙන් ගල්ගැසුණු ඉදල්ගස්හින්න බෙහෙවින් සිසිල්.

කොළඹ කොටුවෙන් රාත්‍රී 8ට පිටත්වන රාත්‍රී තැපැල් දුම්රිය අලුයම 5 පමණ වන විට ඉදල්ගස්හින්නට ළඟා වෙනවා.

ඒක තමා හොදම දුම්රිය කොළඹ ඉදලා යන අපේ අයට.

ඉදල්ගස්හින්න දුම්රියපොළ අපූර්වතම දර්ශනතලයක් බව මෙහි ගිය ගොඩක් දෙනෙක් දන්නවා ඇති.

කොළඹින් බදුලු යන ඔබට මේ දුම්රිය ස්ථානයේදී වලවේ ගංගා නිම්නයත් සුවිසල් මහවැලි නිම්නයත් යන දෙකම මෙහිදි දැක ගන්න පුලුවන්.

දුම්රිය ස්ථානයට පහළින් පිහිටියේ රජයේ දෙමළ පාසල දැකගන්න පුලුවන්.මෙහි සිට ඔහිය පැත්තට වන්නට පිටුපසින් ඉදල්ගස්හින්න කන්ද දැකගන්න පුලුවන්.

ඉදල්ගස්හින්න – ඔහිය යන මාර්ග කොටස යනු දුම්රිය පලවල් දෙකක් අතර වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයයි.

මෙහි බිං ගෙවල් 14 ක් ඇති අතර ඉන් 8ක් ම දෙකෙළවර නොපෙනෙන දිගු සහ අඳුරු බිං ගෙවල් තියෙනවා.

ඔබත් ඉදල්ගස්හින්නේ ඇති සුන්දරත්වය දැක බලා ගනිමින් ඔබේ ජීවිතයට සුන්දර මතකයක් එක්කර ගන්න මෙහි යන්න කියලා අපි ආරාධනා කරනවා.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

Idalgashinna Railway Station
Idalgashinna Railway Station is the 68th station on the Main Line, located between Haputale and Ohiya railway stations in Badulla District, Uva Province. It is located 8 km (5.0 mi) west of Haputale, at an elevation of 1,615 metres (5,299 ft) above sea level. The station was built after the track was extended in 1893, from the Nanu Oya railway station to Haputale.


Idalgashinna Railway Station is situated between Haputale Railway Station and Ohiya Railway Station on the Main railway line.











උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලස්සන - ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය 🚂🚊🚉 (Idalgashinna Railway Station) ලස්සන - ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය 🚂🚊🚉 (Idalgashinna Railway Station) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2020 Rating: 5

0 comments:

Post a Comment