පළාත් 5ක් පෙනෙන එකම තැන - ලිප්ටන් සීට් 🍃🌱 (Lipton's Seat)

අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් ලංකාවේ තියෙන එකම ස්ථානය ගැන.ඒ නමින් ලිප්ටන් සීට්.

මෙහි යන ගොඩක් දෙනා ලිප්ටන් මහත්තයා එක්ක බංකුවේ ඉදන් පින්තූරයක් නම් ගන්න ඇති නේ ද?ලංකාවේ තේ ලෝකය අදටත් හදුනන්නේ ‘ලිප්ටන් තේ’ කියලනේ.

ඉතින් අපි යන්නේ එහෙට ලිප්ටන් ගේ තේ වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්නේ බණ්ඩාරවෙල පූනාගල අතර කදු ඉස්මත්තේ.

ඔයාලා දන්නවද ලෝකයේ රසම තේ විදිහට එදා එංගලන්තයේ බොහෝ දෙනෙක් සැලකුවේ ලිප්ටන් ගේ තේ වත්තේ තේ කොලයි.  

අදටත් ලිප්ටන් නාමය තේ ලොවේ ඉහළම තැනක බැබළෙනවා.  

අද අපි මේ විස්තරය කියන්නේ ලිප්ටන් ගේ තේ වත්තේ තියෙන ‘ලිප්ටන් සීට්’ ගැනයි.

ලිප්ටන් සීට් කියන්නේ කඳු නිම්න තුනක් එකිනෙක හමුවෙන ඉතාම පටු කදු මුදුනක්. 

තෝමස් ලිප්ටන් දඹේතැන්න වත්ත මිලදී ගෙන එහි සුන්දරත්වය විදිමින් ගත කළ ස්ථානය මෙතැන කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. 

ලංකාවට තේ වගාව හදුන්වලා දුන්න ජේම්ස් ටේලර් සමග එක්වෙලා පසුකාලයක “සර් ‍තෝමස් ජේ. ලිප්ටන්” ලංකාවේ තේ යුරෝපයට රැගෙන ගියා.  

ඒ අතර ඔහු දඹේතැන්නට පැමිණ එහි දැවැන්ත වතු යායක් සංවර්ධනය කළා.  ලිප්ටන් සීට් වටේටම තියෙන්නේ  ඒ තෝමස් ජේ ලිප්ටන් ගේ තේ වත්ත තමයි.  

ඒ වගේම දඹේතැන්නේ තමයි, ලංකාවේ ලොකුම තේ කම්හල පිහිටලා තියෙන්නෙත්.

මේ දඹතැන්න වතුයාය අක්කර 925 ක් වෙනවා. මේ වත්තේ උසම ස්ථානයට ගියාම අංශක 360 ක දර්ශනයක් බලාගන්න පුඵවන්.

මීදුම නැති දවසක ලිප්ටන් සීට් හි සිට ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර, සහ මධ්‍යම පළාත් එක වර බලන්නට පුඵවන්.  හැබැයි ඒකට වාසනාවක් තියෙන්න ඕනි. මොකද ඉතින් බොහෝ වෙලාවට මේ වටපිටාව මිදුම අරක්ගෙන තිබෙනවා.

ඒ වගේම සවස හා අලුයම් කාලයේ මීදුම නැති වෙලාවට දෙවිනුවර ප්‍රදීපාගාරයේ එළිය මෙන්ම ත‍්‍රිකුණාමලයේ හා කිරින්දේ ප්‍රදීපාගාර යන්හි එළිය ද මෙතෙනට පෙනෙනවා.ලිප්ටන් සීට් එකෙන් හැතපුම් හතරක් විතර දුරින් කැතරින් සීට් නමින් තවත් මෙවැනිම සුන්දර ස්ථානයක් පවතිනවා.  

කැතරින් කියන්නේ ලිප්ටන් ගේ විවාහක බිරිද. තමන්ගේ ස්වාමියා ලිප්ටන් ස්ථානයේ නව යොවුන් තරුණියන් එක්ක විනෝද වන විට කැතරින් ‘කැතරින් සීට්’ වෙත ගොස් දුකින් කල් ගෙව්වා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ.  

කොහොම වුනත්,ළා හිරු එළිය වැටී හරිත වර්ණයෙන් බබළන තේ පඳුරු අතර කඩිසරව දලු නෙලන ළඳුන් ද නිල් අහසේ පාවෙන සුදුපැහැති වලාකුළු ද දකිමින් මේ යන ගමන අහස්‌ ගග දිගේ සුර ලොව යන ලෙසක්‌ දැනුනොත් එය පුදුමයක්‌ නොවේ.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Lipton's Seat
Lipton’s Seat is a high observation point in the hills of Poonagala. Located on the top of the town’s namesake, Poonagala Hill, it is also near the Dambatenne Tea Factory. Lipton’s Seat is so named because the famed Scottish baron and tea planter Sir Thomas Lipton used it as the seat to survey his empire in a time long gone but not forgotten.












උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පළාත් 5ක් පෙනෙන එකම තැන - ලිප්ටන් සීට් 🍃🌱 (Lipton's Seat) පළාත් 5ක් පෙනෙන එකම තැන - ලිප්ටන් සීට් 🍃🌱 (Lipton's Seat) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2020 Rating: 5

0 comments:

Post a Comment