Wassanaya Wee Avidin Song Lyrics - වස්සානය වී ඇවිදින් ගීතයේ පද පෙළ

Wassanaya Wee Avidin Song Lyrics - වස්සානය වී ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Wassanaya Wee Avidin (වස්සානය වී ඇවිදින්)
ARTISTS : NARADA SAMARAKOON & NETHMI NAWODYA
LYRICS : NISHANTHA WIJESINGHE
MUSIC : WIKASITHA SANDAWINNA
MIX AND MASTERING : WIKASITHA SANDAWINNA
PRODUCED BY : MATHS ADDICT
STARRING : NETHMI ROSHEL ROGERS


වස්සානය වී ඇවිදින්
නුරා මුවරද සලන
ප්‍රේමයේ මනරම් කුසුම නුඹ
නෙලන්නට බැරි
තුරු වදුලක පිපිලා

කඳුළු වැසි අරන් ඇවිදින්
සදා සුසුමන් පිරුන
සන්තාපයේ මුවදොර විවර වී
සිතන්නට බැරි
දුක් ගඟුලක රැඳුනා

අනන්ත බාධක කළුවර අතරේ
හීන අහසම අඳුරු වී
පැතුම් තරු මල් පරවෙලා වැටුනා
පාලු ඝනදුර
විතරක්ම මට ඉතිරි වී තිබුණා

අපි අපේම වන්නට
වරම් නැති ලොවක
හමු වී හදවත් බැඳිලා
හමු වී හදවත් බැඳිලා

අනන්ත විරහ කඳුලැලි අතරේ
සැමදා තනිකම උරුම වී
දුක් වේදනා සයුරටම ඇදුනා
සෝක සුසුමන්
විතරක්ම මට ඉතිරි වී තිබුණා

අපි අපේම වන්නට
වරම් ඇති ලොවක
හමු වෙමු අපි දෙදෙනා
හමු වෙමු අපි දෙදෙනා

වස්සානය වී ඇවිදින්
නුරා මුවරද සලන
ප්‍රේමයේ මනරම් කුසුම නුඹ
නෙලන්නට බැරි
තුරු වදුලක පිපිලා

කඳුළු වැසි අරන් ඇවිදින්
සදා සුසුමන් පිරුන
සන්තාපයේ මුවදොර විවර වී
සිතන්නට බැරි
දුක් ගඟුලක රැඳුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wassanaya Wee Avidin Song Lyrics - වස්සානය වී ඇවිදින් ගීතයේ පද පෙළ Wassanaya Wee Avidin Song Lyrics - වස්සානය වී ඇවිදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 16, 2024 Rating: 5

0 comments:

Post a Comment