Walawe Song Lyrics - වළාවේ ගීතයේ පද පෙළ

Walawe Song Lyrics - වළාවේ ගීතයේ පද පෙළ
Song Title : Walawe (වළාවේ)
ARTIST : Apoorwa Ashawaree
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Deweni Inima Season 2 Teledrama (දෙවෙනි ඉනිම 2 - ටෙලි නාට්‍ය)


වළාවේ වළාවේ
යනවාද ඈත පා වෙලා
එනවාද ආයෙ මා සොයා
නෙතු මාගේ නිදි නෑනේ
දැනුනාද ප්‍රේම කල්පනා
මොනවාද හේතු ලං වෙනා

සරා රැයේ නුරාවිගේ ආල වෑහෙනා
මනාප ඒ කෙනා මගේ සිත පා වෙනා
තරු දෙනතෙ ඈත මානා
හදවතද ආල පානා
සඳ කිතින කෝල දානා
සිත නිවත සිහින සේනා
සඳ යාමේ මැවේ චේතනා
හද යායේ කුසුම් පීදෙනා

බිගුන් මගේ රොනිති නිවේ ලොවේ සැමදා
මමත් මෙසේ පෙමින් නිවේ දැනී කාරණා
සුසුමකට කරුණු පවසා
හඳවතක හැඟුම ගවසා
මදනළත පැතුම් තවරා
නුඹ වෙතම සිතම පවරා
සඳ යාමේ මැවේ චේතනා
හද යායේ කුසුම් පීදෙනා

වළාවේ වළාවේ
යනවාද ඈත පා වෙලා
එනවාද ආයෙ මා සොයා
නෙතු මාගේ නිදි නෑනේ
දැනුනාද ප්‍රේම කල්පනා
මොනවාද හේතු ලං වෙනා
දැනුනාද ප්‍රේම කල්පනා
මොනවාද හේතු ලං වෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Walawe Song Lyrics - වළාවේ ගීතයේ පද පෙළ Walawe Song Lyrics - වළාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 16, 2024 Rating: 5

0 comments:

Post a Comment