Yogeshwari Song Lyrics - යෝගේශ්වරී ගීතයේ පද පෙළ

Yogeshwari Song Lyrics - යෝගේශ්වරී ගීතයේ පද පෙළ
Song Title : Yogeshwari (යෝගේශ්වරී)
Singing : Charitha Attalage ft. Manasick


තවම තිලකය නළලේ නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්
හිසේ එක මල් රේණුවකින් වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්
විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්

කොහේ හෝ නුඹ ඉන්නවාම බව
දන්නවා මං දන්නවා මං

දුඹුරු දෑසම කඳුළු පුරවන්
හිස හැරුනු අත දුවනවා නම්
කැරලි කොණ්ඩය අකීකරු වී
මගේ උරහිස හොයනවා නම්

දුඹුරු දෑසම කඳුළු පුරවන්
හිස හැරුනු අත දුවනවා නම්
කැරලි කොණ්ඩය අකීකරු වී
මගේ උරහිස හොයනවා නම්

අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මඟ බලනවා නම්

මගේ ළය මතින් උඹ පලා ගියේ ගෝපුරයත් පරදා
හඹා ආව මදහස ආයෙත් පසු හැරී නොබලා
ගෙන පරම ළද ළා ඇහැ සැහැසි ලලිතය
හැර පමණක් තිලකය ගියේ එන්නයි, වළදා

මග වැටී ඇති දෑ සමන් පෙති කියයි හෝඩුවා
තැලී රක්තයට බිලි වී
කාගේ ලෙයමද තේරුවා
කාගේද උණ්ඩය මුළු රෑ අහසේ පිපෙනවා
බිම වැටෙයි පරවී
 උඹේ “ගොදුර” උඹව හොයනවා

පොලව දෙදරා පැළ වී මළවුන් දිස් උනෙත්
උන් පොදි වී එක රොදට
ඇයි ඉඩක් හිස් උනෙත්
ගිනියම් ඉර මිරිකා සාරය ගත්තත් උඹ ලෝදියෙන්
වැටුණු එක සෝ දියෙන් උඹගේ කොපුලයි පිච්චුනෙත්

ඇයි කඩදාසියේ දෙවිදියෙන් ලිව්වේ කේතයක්
තාමත් නිමකර නැති උඹ මහා මට ඛේදයක්
තියා ගියේ ඇයි උඹ නුහුරට ලිව්ව ඡේදයක්
කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවාඩුවක්
ඔව්
නිකේතයක්

අද දිරා පත් වී බලා ඉඳලම චිතකය
මං ඔහේ දැල්වෙන්නේ විශ්වාසෙන් ගෙව්ව මිලකය
මාන බැලුවා උන් දඩයමේ උඹ
ඉලක්කය
දැල්වුවා ද
ඔය නළලේ තිබ්බා ද
රතු තිලකය

මේ කාලකණ්නි පොළව දාලා
උඹ කොහේ යන්නද
කොහේ හරි ඇති
මං දන්නවා

ගෝපුරය රත් පොළොව දෙදරන්
සුනු විසුනු වී බිඳී වැටුණා
ගැල්වූ පර හද කොපුල සිඹිමින්
දිය වෙලා සේදිලා මැකුණා

ගෝපුරය රත් පොළොව දෙදරන්
සුනු විසුනු වී බිඳී වැටුණා
ගැල්වූ පර හද කොපුල සිඹිමින්
දිය වෙලා සේදිලා මැකුණා

අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මඟ බලනවා නම්

තවම තිලකය නළලේ නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්

හිසේ එක මල් රේණුවකින් වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්

විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්

කොහේ හෝ නුඹ ඉන්නවාම බව
දන්නවා මං දන්නවා මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yogeshwari Song Lyrics - යෝගේශ්වරී ගීතයේ පද පෙළ Yogeshwari Song Lyrics - යෝගේශ්වරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 16, 2024 Rating: 5

0 comments:

Post a Comment