Billa Song Lyrics - බිල්ලා ගීතයේ පද පෙළ

Billa Song Lyrics - බිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Billa (බිල්ලා)
Singing : Manasick ft. Drill Team Westnahira & Heva
Producer : BEE
Mastering Engineer : Juda
Composer : Vishwa Gajanayake
Composer : Hasanka Wickramathna


මේ ප්‍රාණ භීති දාව නීතියක් බිඳ ආවා කාලා දාලා නාව රීතියක්
හොයනවා අඟලක් ගානේ ලුහුබඳි මාව මාවතක් ගානේ වීදියක්
ගිනිඅවි වල දුමාරය වගේ ඇබ්බැහි වුන උන්ට දාන බීඩියක්
ගොදුරක් මට පාප ජීවිත හෙලනවා බිම දැනෙයි මාර ප්‍රීතියක්

තේරුම් කලත් පයින් පාරකින්
මුන් තේරුම් ගනීද එක වාරේකින්
මේක කෝපයෙන් පිරි ලෝකයක් මට
සෝකයත් රෝගයක් වට
මෝඩයත් ලෝබයත් හට ක්‍රෝදයත් ශ්ලෝකයක්
බිඳ පාදා සිඳ බාදා තේරුම් ගත්තා මගෙම ආරෙකින්

දැන් බයේ ගැස්සී තිගැස්සී හැම අඳුරු පාරක
තියයි උන්ගේ රැස්වීම් හරස්වී නැවතුවා සභා කාරක
ඉල්ලා අස්වී බලඇණි පලා ගියේ දැකලා ත්‍රාසයේ වාහක
අත්දැක හුස්මක මාරක බිඳගෙන එන්නේ මම බොලගේ බාධක

බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා

මේ යුදබිම් වගේ පුදබිම් මාව දැක්කත් බලයි උඹ උඩ බිම්
බිලිගන්නේ හුස්ම උඹේ !!Snap!! යදියි “මැරුනානම් මම උණකින්”
මේ නගරය මම සුරකින් ආවත් වාහේ මොන පුරකින්
නමට නම් කිව්වා තොපි දියසෙන් පැනගන්නත් බැහැ පොඩි උඩකින්

උබේ ඇස් ඉස්ම මස්තිෂ්ක දිය කර දෙන්නම් මමයි ග්‍රීස්ම
දෙවියටත් බේර ගන්න බෑ ජෙරෝමි කලත් බහුතීස්ම
වෑයම් කරනවා පණ ගැහෙනකන් මගේ මාංශපේශි
කායබලය සර්වකාල වෙන්නෑ උබට ලේසි

වරදගත්තේ හැදාමත් වගේ උඹ කර්මයෙන් ගේම ඉල්ලා
මට තඩි බාන්න ඕනේ අඩි ගානක් උඩ ඔලුවෙන් උඹව එල්ලා
ඔය මොන තරුත් තනි කළු බයේ චකිතයෙන් උන්ගේ දිව ගිල්ලා
නෑවිත් ඉඳි කිව්වත් ඈවිත් ඉන්නේ දුවපන් ගෝනි බිල්ලා

බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා

අන්ධ ගොළු බීරි දන අන්දකාරේ
උණ්ඩ ගන්නේ බිලි මිනී අද පාරේ
දුර්ලභයි කෙලින් හිස් නැහෙන්නෙ අකාලේ
Westනාහිරින් යක්කු දෙන්නෙක් මේ අවාරේ

වමේ පුත්‍ර උඩින් පල්ලෙන් බලන් එයි ප්‍රකාශනේ කොමියුනිස්ට් (communist)
සාහසික තතු හේවා දිග අරියි මග තොට නෑ දැන් කම් මිනිස්
නිස්කාරනේ ගස් ගල්ද වැඳ සංසාරේ දික් ගස්සන්න
මිහිදන් කලා විරු පස් කන්න උන්ට බාස්මති එක්ක මස් කන්න

උළුක් වූ මොල කෙනිත්තූ මං නැගී සිටි තව කෙනෙකු
මේක හටන් බිමක් මං ග්ලැඩියේටර් (gladiator)අපි ඇන කොටා උන් පිනවූ
තර්ක මැද ගමන විටදි කල කිරුනත් අවසි තැනට කොඳු සිරස්
බලය මට පවර ලඳරු මත මැරුවා අයාගෙන ඉන්නෙ තිදැස්

තිරිසන් මෙන් ක්‍රියා කරන
බිය වදී අසා මේ ව්‍යාකරණ
පෑන පොඟවලා ලේ කුප්පි
මානසික් මං හෙව්වෙ යුක්ති

බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Billa Song Lyrics - බිල්ලා ගීතයේ පද පෙළ Billa Song Lyrics - බිල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2024 Rating: 5

0 comments:

Post a Comment