Surathali Song Lyrics - සුරතලී ගීතයේ පද පෙළ

Surathali Song Lyrics - සුරතලී ගීතයේ පද පෙළ
Song Title : Surathali (සුරතලී)
ARTIST : Lavan Abhishek
LYRICS : Gihan C Rodrigo
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Sangeethe Teledrama (සංගීතේ ටෙලි නාට්‍ය - TV Derana)


සත්ස්වර රසට ගයනා
ඇස් වන්නම් තානම් නට නටවා
ළැම මල්මද ලමිස්සිය කොහෙ යන්නේ
මිණි කිංකිණි සිනා ඇසුනා
මං අසුරු සැනින් බැලුවා
පිපි නෑඹුල්ම කැකුළ බඹරුන් එන්නෙ

චන්දන උයනෙ සඳ පාන කලතා ගෙනා
නුඹ කවුරුන්ද මල් දේහිනී

සුරතලී ඔය බැල්මට
නැවතී හිත ඇල්මට
හීනෙන් හරි කෝලම් පේනා
සුරතලී ඔය බැල්මට
නටනා නෙතු කැල්මට
චුට්ටක් පැටලෙන්නම ඕනා

මන්දර හිමේ පිපෙනා
ගිනි ගින්දර රතට දුටුවා
නුඹ පරසතු රූප ලාලනී වගේ
මට තුන්යම හීනෙන් පෙනුනා
සබකෝලම කෝලම් කෙරුවා   
මගෙ සින්නක්කර මැණික යමුදෝ දීගේ

ලස්සන රැයක තරු පානෙ සතපා තියා
පිළිරුව නෙළමි පෙම් ලෝචනී

සුරතලී ඔය බැල්මට
නැවතී හිත ඇල්මට
හීනෙන් හරි කෝලම් පේනා
සුරතලී ඔය බැල්මට
නටනා නෙතු කැල්මට
චුට්ටක් පැටලෙන්නම ඕනා

චන්දන උයනෙ සඳ පාන කලතා ගෙනා
නුඹ කවුරුන්ද මල් දේහිනී

සුරතලී ඔය බැල්මට
නැවතී හිත ඇල්මට
හීනෙන් හරි කෝලම් පේනා
සුරතලී ඔය බැල්මට
නටනා නෙතු කැල්මට
චුට්ටක් පැටලෙන්නම ඕනා

සුරතලී ඔය බැල්මට
නැවතී හිත ඇල්මට
හීනෙන් හරි කෝලම් පේනා
සුරතලී ඔය බැල්මට
නටනා නෙතු කැල්මට
චුට්ටක් පැටලෙන්නම ඕනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Surathali Song Lyrics - සුරතලී ගීතයේ පද පෙළ Surathali Song Lyrics - සුරතලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2024 Rating: 5

0 comments:

Post a Comment