Neela Nethu Yuga Song Lyrics - නීල නෙතු යුග ගීතයේ පද පෙළ

Neela Nethu Yuga Song Lyrics - නීල නෙතු යුග ගීතයේ පද පෙළ
Song Title : Neela Nethu Yuga (නීල නෙතු යුග)
ගායනය : නදීක ගුරුගේ
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : ශීලා කෝනියාරිස්


නීල නෙතු යුග දිළෙන තරමට රහස මම දුටුවා
කෝල බැල්මෙන් මුවග සිනහව ආදරෙයි කීවා
රෝස පාටින් දිළෙන දෙකොපුල හාදුවක් සෙව්වා
කොහේ සිටදෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා

තෙමුණු දෙතොලින් බේරි බේරී නුරා රස සොයනා
දුහුල් සළුවෙන් වෙලුණු ඉඟ සුඟ සිතුවමක් මැව්වා
ගමන හැඩකර ගතම නලියන කිඳුරියක හැඟුණා
කොහේ සිට ඔබ පැමිණියේදෝ මගේ සිත කීවා

අවුළුවා සිත දැහැන් බිඳලා නුඹේ රුවම සොයනා
සිහින ලොවකට ගෙන ගියේ මා නුඹෙ සුරත පටලා
සරාගී නුඹ ගියාදෝ අද මගේ සිත දවලා
කොහේ සිටදෝ පැමිණියේ නුඹ මගේ සිත සොයලා

නීල නෙතු යුග දිළෙන තරමට රහස මම දුටුවා
කෝල බැල්මෙන් මුවග සිනහව ආදරෙයි කීවා
රෝස පාටින් දිළෙන දෙකොපුල හාදුවක් සෙව්වා
කොහේ සිටදෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neela Nethu Yuga Song Lyrics - නීල නෙතු යුග ගීතයේ පද පෙළ Neela Nethu Yuga Song Lyrics - නීල නෙතු යුග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2024 Rating: 5

0 comments:

Post a Comment