Thawaparak Hamuvi Hinahi Song Lyrics - තවපාරක් හමුවි හිනැහි ගීතයේ පද පෙළ

Thawaparak Hamuvi Hinahi Song Lyrics - තවපාරක් හමුවි හිනැහි ගීතයේ පද පෙළ
Song Title : Thawaparak Hamuvi Hinahi (තවපාරක් හමුවි හිනැහි)
Artist : Sudeera Dilshan
Lyrics : UdeshAryan
Music : Anjana Yasiru & Sudeera Dilshan
Mix & Mastered : Anjana Yasiru
Video Production : J Dilo {Jason Dilano)
DOP/Director : J Dilo
Editor/Colourist : J Dilo
Asst Director : Ashen Royel
Starring : Sudeera Dilshan - Shashi Madhubashini


තව පාරක් හමුවී හීනැහී
ගව්ගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි

හිමිකම් නැති හීනෙක ගොළු වී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමි නම් හමු වේවී
නැතිනම් වෙන් වේවී

මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ

ඔය සිනහව මතකෙ තියා
තනි වෙමි මා සසර පුරා
හැම හමු වීම ම කෙලවර වන්නේ
පසුවදනක් නැවත තියා

අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහි වෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගත වෙනවා

මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගව්ගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවත් නැති මේ ජීවිත
ගමනේ මගක එදා
හමු වී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා

ඔය සිනහව මතකෙ තියා
තනි වෙමි මා සසර පුරා
හැම හමු වීම ම කෙලවර වන්නේ
පසුවදනක් නැවත තියා

අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහි වෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගත වෙනවා

අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහි වෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගත වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thawaparak Hamuvi Hinahi Song Lyrics - තවපාරක් හමුවි හිනැහි ගීතයේ පද පෙළ Thawaparak Hamuvi Hinahi Song Lyrics - තවපාරක් හමුවි හිනැහි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2023 Rating: 5

0 comments:

Post a Comment