Hithuwakkari Song Lyrics - හිතුවක්කාරී ගීතයේ පද පෙළ

Hithuwakkari Song Lyrics - හිතුවක්කාරී ගීතයේ පද පෙළ
Song Title : Hithuwakkari (හිතුවක්කාරී)
Artist, lyrics and melody : Induja Perera
Music, Mix and mastered : Lahiru de costa
director : Ayesh d. Perera
Label : IN RECORDS


නැවතුනු තැන සිහියට ඒවි
විඳි මතකෙන් සිත නොමිදේවි
මියදුනු සිහිනෙක යලි ඉන්නට බෑ
නොමැකෙන හැඟුමක සිර වේවි
නුඹ මට දුන් සතුට සිඳේවි
එදා වෙන්වුනු පසු තාමත් බැඳුනේ නෑ

හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා
රහසින් තාමත් විදිනා
හැගුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා

චරිතෙ මතුපිට ම්ම්ම්
ඇතුළෙ නොකියන රහස්
එ වින්ඳෙ ආදරේනම් නෙමෙයි 
දැනුයි මං නිදහස්
අහස නුහුලන බොරැ ළඟ ගෙවුවෙ පෙර කරුම
හුරුබුහුටි පෙනුමට සිතිවිලි නරුම
ගැළපෙනවද තව නැලවෙනවද
සිනහව මර මර මගෙ හිනැහෙනවද
වියකෙන කඳුලැලි මත ලියනෙමි තනු
නිම කරනු කෙලෙසද මෙ ගනුදෙනු

හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා
රහසින් තාමත් විදිනා
හැගුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා

හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා
රහසින් තාමත් විදිනා
හැගුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා

යුවතිය හෙලු ආදර බැල්මෙන්
වසඟෙට ගෙන සිර කර ඇල්මෙන්
එදා අප ගත කළ කාලය යළි එන්නෑ
වරදක පැටලී අප විඳිමින්
ගොඩ ගැසි ඒ මතකෙට හොරහින්
ගියත් පසු කර දුර යන්නට හිත දෙන්නෑ

හිතුවක්කාරයි ළඟ යාවි ඉන්නෑ
දැනුනත් ආලේ යළි මා ළං වෙන්නෑ
ඒ රිදුමෙන් මා නම් මිදෙන්නෑ
රහසින් නාවත් හදින් පෑ
හිඳිනව කාටත් හොරෙන් තාමත් සිතින් ඈ

හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා
රහසින් තාමත් විදිනා
හැගුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithuwakkari Song Lyrics - හිතුවක්කාරී ගීතයේ පද පෙළ Hithuwakkari Song Lyrics - හිතුවක්කාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2023 Rating: 5

0 comments:

Post a Comment