Sinahawayi Kandulayi Sada Song Lyrics - සිනහවයි කඳුළයි සදා ගීතයේ පද පෙළ

Sinahawayi Kandulayi Sada Song Lyrics - සිනහවයි කඳුළයි සදා ගීතයේ පද පෙළ
Song Title : සිනහවයි කඳුළයි සදා (Sinahawayi Kandulayi Sada)
ගායනය : මොරිස් දහනායක
පද : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : පැට්රික් දෙනිපිටිය


සිංහල ගීයට බටහිර ආරේ ගී එක්කළ ගායකයන් අතරින් කෙනෙකි මොරිස්දහනායක.

ඔහු ගැයූ "සුදෝපොඩ්ඩක් අඬන්න" යන ගීය මා පාසල් ගිය කාලයේ දී අසා තියෙනවා.

අපි බලමු ඒ ගීය

සිනහවයි කඳුළයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනහ පෑවත් එක තමා

සුදෝපොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න //

ඔයා හෙළු කඳුළැලි අගේ
ගලන විට කම්මුල් දිගේ //
දිමුතු මුතු වාගෙයි පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ

සුදෝපොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න

බොරු කියා ඔබ හැඬෙව්වත්
ළපටි හදවත රිදෙව්වත් //
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්

හො හෝ
සුදෝපොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න

රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා //
මගේ ආලය තවත් වැඩිවෙයි
තවත් අඬවමි බොරු කියා

සුදෝපොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න //

හැරී බෙලාෆොන්ටේ Island in the Sun චිත්‍රපටිය සඳහා එනමින් ම ගැයූ ගීය අනුකරණය කර මෙම ගීය නිර්මානය කර ඇත. එනමුදු Island in the Sun ගීය ද, 1956 දී හැරී බෙලාෆොන්ටේ විසින් නිකුත් කළ Calypso ඇල්බමයට ඔහු ගැයූ "Jamaica Farewell" ගීයේ තනුවට අනුව නිර්මානය වූවකි. එය ජැමෙයිකානු ජනගීයකි.

ජැමෙයිකාව තුළත් කැරිබියානු දූපත් වලත් "මෙන්ටො" නම් ගී ආරක් තිබේ.

"ජැමෙයිකා ෆෙයාර්වෙල්" ගීය ඒ "මෙන්ටො" ගී ආරේ ගීයක් වන අතර එහි නාදමාලාව වෙනත් ගීයකින් උපුටා ගත්තකි.

ඒ ගැන විමසන්න පෙරාතුව, හැරී බෙලාෆොන්ටේ ගයන "ජැමෙයිකා ෆෙයාර්වෙල්" ගීය වෙත රැගෙන යන්න කැමතියි.

(නවසිය තිස්ගණන් වල සිට මේ ගීයේ අඩංගු නාද මාලා බොහෝකැරිබියන් කැලිප්සෝ ගීත වල දැකිය හැක. කැලිප්සෝගී ආර උපන්නේ ට්‍රිනිඩෑඩ් දූපත් වලිනි. ජැමෙයිකානු ජන ගී අතරෙහි එම නාද මාලා වඩාත් නිධන් ගත විය.)


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinahawayi Kandulayi Sada Song Lyrics - සිනහවයි කඳුළයි සදා ගීතයේ පද පෙළ Sinahawayi Kandulayi Sada Song Lyrics - සිනහවයි කඳුළයි සදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2023 Rating: 5

0 comments:

Post a Comment