Sigiri Ladakage Song Lyrics - සීගිරි ලඳකගෙ ගීතයේ පද පෙළ

Sigiri Ladakage Song Lyrics - සීගිරි ලඳකගෙ ගීතයේ පද පෙළ
Song Title : සීගිරි ලඳකගෙ (Sigiri Ladakage)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ පිරිස
පද : ඩබ්.ඒ. අබේසිංහ
තනුව : වික්ටර් රත්නායක
ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට ගැයූවකි.
තැටි අංකය LS 8085


සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැ වේ නැටු චං චල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)
සඳකඩපහණේ මුදු රැළි අතරේ තිසර ලතාවයි (තිසර ලතාවයි)
සුසිනිදු කළුගල් කුළුනු හිසේ දිසි ලලිත ලතාවයි (ලලිත ලතාවයි)

තල්පත් අතරේ පන්හිද තුඩගින්
නව නළු රස ගං ගා ගලලා (ගල්කටු පහරින් කළුගල් මත්තේ )
කෝ මල රේඛාවන් නැගිලා
කෝ මල රේඛාවන් නැගිලා

සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)

ගුවන් කුසේ සිට සුරවමියන් දුන්
සුමුදු සිනා පොද ඇද හැලිලා (යුගයෙන් යුගයට අසිරිය පවසයි)
හෙළ විරුදා ගී පොත පෙරලා
හෙළ විරුදා ගී පොත පෙරලා

සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)

(තරඟ ලතාවයි)////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiri Ladakage Song Lyrics - සීගිරි ලඳකගෙ ගීතයේ පද පෙළ Sigiri Ladakage Song Lyrics - සීගිරි ලඳකගෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2023 Rating: 5

0 comments:

Post a Comment