Hadakari Song Lyrics - හැඩකාරී ගීතයේ පද පෙළ

Hadakari Song Lyrics - හැඩකාරී ගීතයේ පද පෙළ
Song Title : Hadakari (හැඩකාරී)
Vocals : Nadeemal Perera
Music and Melody : Pasan Liyanage
Guitars : Primal Liyanage
Lyrics : Malini Liyanage
Mixed @ Redfox
Mastered by Misjah (Netherlands)


ස්වේත සිහිනේ සරනා ලියේ
මේ වසන්තේ හිමිකාරියේ
ස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේ
පෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුනේ

හැඩකාරී… දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

රූ කැලුම් නෙත රස ගන්වනා
භාග්‍යවන්තී දිව්‍යංගනා
මධු මී බඳුනේ තැවරූ ලවනේ
පහසේ මිහිරී නිම් හිම් නොවුනේ

හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

හිමිකාරී ඔබයි මගේ ලොව නැවුම් හැඟුම් මැව්වේ
පෙම් නුරා සුසුම් පැටලේ ඔබ හා
ගෙවනා මේ නිමේශයේදී සිතේ දැහැන් බිඳුනේ
සුරවමිය ඔබයි ලඳුනේ සැමදා

හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හදගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadakari Song Lyrics - හැඩකාරී ගීතයේ පද පෙළ Hadakari Song Lyrics - හැඩකාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2023 Rating: 5

0 comments:

Post a Comment