Chuti Kale Api Song Lyrics - චූටි කාලේ අපි ගීතයේ පද පෙළ

Chuti Kale Api Song Lyrics - චූටි කාලේ අපි ගීතයේ පද පෙළ
Song Title : Chuti Kale Api (චූටි කාලේ අපි)
Singing : Sithija
Kodi Gaha Yata | Episode 49 - (2023-08-26) | ITN


චූටි කාලෙ අපි වැස්සෙ නානකොට
බුදු අම්බෝ කියපු නැන්ද මාමලට
ආච්චි පුංචිලට මම්ම පප්පලට
ආයුබෝවන් වැන්දා සන්තෝ

අපි වැස්සෙ නෑවා තමයි
ලෙඩ උනා තමයි
මැරෙන්ට හදලයි ආවේ
මොකො එහෙ ඉන්නයි ආස
සීයා ආච්චි ළග
අඩි හයක් යට සැපේ

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇද ගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ

කනත්ත පාර වැලිගම්පිටිය ජා-ඇල
ඉපදුනු තැන මගේ
අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට
කසිප්පු දාලයි ගැහුවේ
ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්
අපෙ ළිදෙන් තමයි නාන්නේ
මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට
ජේසු අයියා භය නැතේ

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ

එක එක කාලෙට දන්නැද්ද විවිධ
පාට මාරු වුනා
එක එක හොටු පෙරන උදවිය
පාලනේට ගියා
අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු
කෑලි කෑලි කපා
අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළග
භාර හාර වුනා

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chuti Kale Api Song Lyrics - චූටි කාලේ අපි ගීතයේ පද පෙළ Chuti Kale Api Song Lyrics - චූටි කාලේ අපි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2023 Rating: 5

0 comments:

Post a Comment