Rukmani Devi Song Lyrics - රුක්මනී දේවි ගීතයේ පද පෙළ

Rukmani Devi Song Lyrics - රුක්මනී දේවි ගීතයේ පද පෙළ
Song Title : Rukmani Devi (රුක්මනී දේවි)
Vocals : Anton Jones
Music : Earnest Soysa
Lyrics : Sumathipala Fernando


සාලිස් වසක් ගීත ගැයූ කෝකිල දේවී
අප අතරින් වියෝ වුණා රුක්මණී දේවී
වාව ගන්න මේ දුක කාටත් බැරි වේවී
කළා රැජිණ නිසලව සාමෙන් සැතපේවී

සවන පිනන මියුරු හඬින් ගීත ගයාලා
කලාකාමී රසික දනන් හද පුබුදාලා
නිලම්බරේ තරුව විලස කරලිය ඔපලා
නොසිතු ලෙසට රුදුරු මරුට දිවිය පුද කළා

රැඟුම් ගැයුම් නැටුම් වලින් තිරය ඔප වුණේ
මිණි පහන ඇයයි හෙළ සිනමා අඹරේ දිලුනේ
තරුණ මහළු සියලු දනා ඇගේ හද බැඳුනේ
අකල් වියෝව නිසා ලක් මෑණි තනි වුනි

සාලිස් වසක් ගීත ගැයූ කෝකිල දේවී
අප අතරින් වියෝ වුණා රුක්මණී දේවී
වාව ගන්න මේ දුක කාටත් බැරි වේවී
කළා රැජිණ නිසලව සාමෙන් සැතපේවී

බුද්ධගයා විහාරේ සිරියාව ගැන කියා
ගීත ලොවට දැරියක සේ එදා පැමිණියා
රිදී තිරය කරලිය තුල එදත් නම තියා
ඩේසි අක්කා යලි නොඑන්න මෙලොව හැර ගියා

සැනකෙලියක් උත්සවයක් ඇගෙන් හැඩ වුණේ
නිහතමානී බව නිසාම ඇගේ නම දිලුනේ
සිත් අලවන සිනාව නිතරම මුව රැඳුනේ
ඇගේ විපත ගැන අසා කොයි කාටත් ඇඩුනේ

සාලිස් වසක් ගීත ගැයූ කෝකිල දේවී
අප අතරින් වියෝ වුණා රුක්මණී දේවී
වාව ගන්න මේ දුක කාටත් බැරි වේවී
කළා රැජිණ නිසලව සාමෙන් සැතපේවී

ගුවන සිසාරා ඇගෙ හඬ තවම ඇසෙනවා
විරහ දුකේ වේදනාව ඇය මුමුණනවා
රිදී තිරේ ඇගේ රුව තව නොමැකි තියෙනවා
ළමුන් පිරිස වටවී ඇගේ ගීත අසනවා

පුරා දශක හතරක් මුලසුන හොබවමින
හෙළ කළා ලොවේ කිරුළ නොලද ඇය විය රැජිණ
පාළු සොහොන් පිටියක ඈ තනිවම නිදන
පතනෙමි සත සුව ලැබෙන්න ඇය හට නිතින

සාලිස් වසක් ගීත ගැයූ කෝකිල දේවී
අප අතරින් වියෝ වුණා රුක්මණී දේවී
වාව ගන්න මේ දුක කාටත් බැරි වේවී
කළා රැජිණ නිසලව සාමෙන් සැතපේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rukmani Devi Song Lyrics - රුක්මනී දේවි ගීතයේ පද පෙළ Rukmani Devi Song Lyrics - රුක්මනී දේවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2023 Rating: 5

0 comments:

Post a Comment