LIYUMA Song Lyrics - ලියුම​ ගීතයේ පද පෙළ

LIYUMA Song Lyrics - ලියුම​ ගීතයේ පද පෙළ
Song Title : LIYUMA (ලියුම)​
Singing : Kaizer Kaiz ft. Lil Neo
Music : Church Made This
Executive Producers : Neo & Kaizer Kaiz
Lyrics : Shaheeka Saheed
Rap Lyrics : Kaizer Kaiz
Mixed & Mastered By : Neo @ NEO RECORDZ Ethul Kotte


අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේ
මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
ඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේ
අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි
උඹේන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
ආදරෙයි නුඹට මගේ හීනෙට හරි එනවට
මවා ගන්නවා නුඹේ රූපේ මගේ හිතින්
අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලං වෙලා ඉන්න නිසා
තනියක් නැහැ අම්මේ හිටියට දුරින්
එක පාරක් ලගට ඇවිත් අල්ල ගන්න අතින්
හිර කූඩුවේ ලගින්න උනා සමාවෙන්න ඉතින්
අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොඳින්

දෙවියන්දෝ මා හට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ – මතකේ දැවටිලා
අසරණ වී එදා – මතකේ ගිනියම් උනා
අඳුරු වුණු ජීවිතේ – ලියුමක ලිය උනා

බලන්න සැප ළමයි මැරෙද්දි පාරේ
තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ
ජීවිත යකඩ මරණය කාන්දම
ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට
අවතාර වාගේ සිතුවිලි තනිකම ගාව
තනියම අඬනවා නිදියනකන් තාම
අම්මේ නුඹ අද නැති නිසා මගේ ගාව
තනි වෙලා මම මාංචු නැති හිරගේක
අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට

දෙවියන්දෝ මා හට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ – මතකේ දැවටිලා
අසරණ වී එදා – මතකේ ගිනියම් උනා
අඳුරු වුණු ජීවිතේ – ලියුමක ලිය උනා

නරකාදිය ඉදි කරන් – මා හා රළක සැගවුනා
නරකාදිය ඉදි කරන් – ඔබ නිහඬව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා...

දෙවියන්දෝ මා හට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ – මතකේ දැවටිලා
අසරණ වී එදා – මතකේ ගිනියම් උනා
අඳුරු වුණු ජීවිතේ – ලියුමක ලිය උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
LIYUMA Song Lyrics - ලියුම​ ගීතයේ පද පෙළ LIYUMA Song Lyrics - ලියුම​ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2023 Rating: 5

0 comments:

Post a Comment