Kadadasi Bata Song Lyrics - කඩදාසි බට ගීතයේ පද පෙළ

Kadadasi Bata Song Lyrics - කඩදාසි බට ගීතයේ පද පෙළ
Song Title : Kadadasi Bata (කඩදාසි බට)
Vocalist : Sanjeew Lonliyes 
Lyrics : Pathum Wedagedara
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
Music director : Sanjeew Lonliyes


කඩදාසි බට වලින්
ආත්මය අළුකරන්...
තාත්තලා පෑගුවා මරු වැල්...
සිල්පරන් කොට උඩින්
පරවුනා කළුවරේ...

මල්...   හීන මල්...
මල්... හීන මල්...

මොන්ටෙරෝ බණ අහන්ඩ
හන්දිවල සුදු ඇඳන්ම...
කලු එව්න් මහ ගොඩක් සෙනඟ පිරුනා...

හැමදාම කෙම්මුරට
කපුරු පෙති ඇවිලුවාට
දෙවියන්ට වත් බලන්ඩ ... අමතකවුනා...
දෙවියන්ට වත් බලන්ඩ... අමතක වුනා...

කැලණි පාලම හැදුනා...
කළුවරේ... ම, ගිලුනා...
මහ පාරෙ අපේ උන් ඇල්වතුර බිව්වා...

රාජ බෝජන ගිලීන  රිදී හැඳි සද්දය..ට...
මේස රෙදිවල උනත් බඩගින්න නිවුනා...
මහ පාරේ අපේ උන් ඇල්වතුර බිව්වා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadadasi Bata Song Lyrics - කඩදාසි බට ගීතයේ පද පෙළ Kadadasi Bata Song Lyrics - කඩදාසි බට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2023 Rating: 5

0 comments:

Post a Comment