Sarayatiyen Api Song Lyrics - සැරයටියෙන් අපි ගීතයේ පද පෙළ

Sarayatiyen Api Song Lyrics - සැරයටියෙන් අපි ගීතයේ පද පෙළ
Song Title : Sarayatiyen Api (සැරයටියෙන් අපි)
Artist : Chandralekha Perera, Vijaya Kumarathunga
Lyrics : Somapala Leelananda
Music : Sarath Dasanayaka


සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමු ගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමු ගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ

මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙනසේ
පමණක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කළ එළෙඹෙන දා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමන්
පතනෙමු සසරින් නික්මෙනදා

සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමු ගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarayatiyen Api Song Lyrics - සැරයටියෙන් අපි ගීතයේ පද පෙළ Sarayatiyen Api Song Lyrics - සැරයටියෙන් අපි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2023 Rating: 5

0 comments:

Post a Comment