Rallen Rallata Song Lyrics - රැල්ලෙන් ‍රැල්ලට ගීතයේ පද පෙළ

Rallen Rallata Song Lyrics - රැල්ලෙන් ‍රැල්ලට ගීතයේ පද පෙළ
Song Title : Rallen Rallata (රැල්ලෙන් ‍රැල්ලට)
Artist : Vijaya Kumarathunga
Lyrics : Ajantha Ranasinghe
Music : Sarath Dasanayaka


රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා

ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ තනි වේ මා... සාගරයේ

රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා

ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූහුදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා තනි වේ මා... සාගරයේ

රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rallen Rallata Song Lyrics - රැල්ලෙන් ‍රැල්ලට ගීතයේ පද පෙළ Rallen Rallata Song Lyrics - රැල්ලෙන් ‍රැල්ලට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2023 Rating: 5

0 comments:

Post a Comment