Prema Mudrawa Song Lyrics - ප්‍රේම මුද්‍රාව ගීතයේ පද පෙළ

Prema Mudrawa Song Lyrics - ප්‍රේම මුද්‍රාව ගීතයේ පද පෙළ
Song Title : Prema Mudrawa (ප්‍රේම මුද්‍රාව)
Artist : Ishan Hewage
Lyrics : Ruhunuketha Dhammadewa
Melody & Music : Tharindu Damsara
Recording , mixing & mastering : Isuru Withanage
Motion video : Thiwan Dananjaya
Percussion : Gihan Kavinda
Guitar : Thiyunuwan Prabuddika


බමන තුරුපත් සෙලවුණත්
මදනලක් හා නැලවුණත්
නොයයි සියොතුන් වළාකුළු විත්
සුළඟ සැඩයැයි නම් කළත්
ඇය නොඑන බව සැළවුණත්
රතු රෝස මල් මැළවුණත්
අප්‍රකාශිත බලා හිඳුමකි
ප්‍රේමයක් යැයි නම් නොලත්

ගුහාගත සිත වන වැදී සැඟවී
අවර්ණව මල් පෙති හැලෙයි හළුවී
අන්ධකාරෙක දෙනෙත් නොහැරම
අන්ධකාරෙට ඉඩ හරින ලද
මේ ශෝක නිද්‍රාවයි

ශිලාවක සටහනක් මෙන් ලියැවී
හුදෙකලා ආවර්ජනා පෙලකී
තනිව සරනා සිතක මුමුණන
ඇය නිසාවෙන් සිහින අමුණන
මේ ප්‍රේම මුද්‍රාවයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Mudrawa Song Lyrics - ප්‍රේම මුද්‍රාව ගීතයේ පද පෙළ Prema Mudrawa Song Lyrics - ප්‍රේම මුද්‍රාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 26, 2023 Rating: 5

0 comments:

Post a Comment