Dambulu Sulaga Song Lyrics - දඹුලු සුළඟ ගීතයේ පද පෙළ

Dambulu Sulaga Song Lyrics - දඹුලු සුළඟ ගීතයේ පද පෙළ
Song Title : Dambulu Sulaga (දඹුලු සුළඟ) 
Artist : Dilshan Gamage
Lyrics : Dilshan Gamage 
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema


රෝස පෙති වල පාට මැකුණා
ලිවූ කවි පද බොඳව පෙනුණා
කඳුළු හැමවිට වැටුණු තැන් වල
අහිංසක මල් හීන පිපුණා
අයිතියක් නැති අයිතියක් ගැන
හිතේ හරියට හීන තිබුණා

නුඹේ නෙතු ගැන ලිවූ කව් ගී පිරුණු කඩදහි හුඟක් තිබුණා
තිලිණ කළ රතු රෝස මල්වල සුවඳ පවනේ එතී තිබුණා
නුඹේ හසරැල් මැවී අහසේ සිතින් මා දුර ගිහින් තිබුණා
දෙනෙත් විවරව බලද්දී
ඝණ කලුවරින් නුඹ වැසී තිබුණා

ලොවම සැතපුණු අඳුරු රෑ නුඹ පුරුදු උණුහුම සොයනු පෙනුණා
දඹුලු සුළඟට වඩිනු කියමින්
ලැගුම්කුටි දොර විවර කෙරුණා
සසර තුරු පෙම ඇසිල්ලක එක
යහන මත අමතකව තිබුණා
දුටුව හැම සිහිනයම අළු වී
මගේ පා මුල විසිර තිබුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dambulu Sulaga Song Lyrics - දඹුලු සුළඟ ගීතයේ පද පෙළ Dambulu Sulaga Song Lyrics - දඹුලු සුළඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2023 Rating: 5

0 comments:

Post a Comment