Baana Samanale Indapan Song Lyrics - බෑන සමනළේ ඉඳපන් ගීතයේ පද පෙළ

Baana Samanale Indapan Song Lyrics - බෑන සමනළේ ඉඳපන් ගීතයේ පද පෙළ
Song Title : Baana Samanale Indapan(බෑන සමනළේ ඉඳපන්)
Artist : Kethaki Suraweera
Lyrics : Sahampathi Weerasuriya
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liyanaarachchi
Motion video : Chameera J Hettiarachchi
Percussion : Gihan Kavinda
Guitar : Asitha Warnakulasooriya
Bass Guitar : Nadisha Liyanarachchi
Flute : Asitha Senavirathna


කැලණි ගඟේ ඔරු බලන්න
බෑන සමනලින් බහින්න
සීත ගඟුලේ බැස ඇවිදින්
ගං දිය තුල කිමිද එන්න
සමනල් ගිරි මුදුන් නමැද
සමන් පිහිට රැගෙන ඇවිත්
ගං ඉවුරේ ලෑලි ගෙවල්
අතර බෙදා දී හිඳින්න

මහ සයුරට තව දුර නෑ
ගැඹුර තවත් ඒ වගෙ නෑ
ගං මෝයට ගොඩක් මෙහා
ලුණු රසයේ අඩුවක් නෑ
රස බලන්න දැන් පින නෑ
දිව ගාන්න හිතන්නෙපා
මහ ඉස්පිටිතාලෙ ඇඳන්
පිරී ගිහින් ඉඩක් නැතා

දිය දෝතක් බොන්න හිතා
ඉන්නවනම් සීත නිසා
යන්න යලින් සිරිපාදෙට
තාමත් දිය ගුණ ඇතුවා
කී දොහකට එහෙම වෙයිද
අපිනම් දැන් දන්නැතුවා
බෑන සමනොළේ ඉඳපන්
කැළණි ගඟේ ඔරු නැතුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Baana Samanale Indapan Song Lyrics - බෑන සමනළේ ඉඳපන් ගීතයේ පද පෙළ Baana Samanale Indapan Song Lyrics - බෑන සමනළේ ඉඳපන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2023 Rating: 5

0 comments:

Post a Comment