කූකූල් මස් අච්චාරු (Kukul Mas Achcharu)

කූකූල් මස් අච්චාරු (Kukul Mas Achcharu) - Your Choice Way
අච්චාරු කාලා තිබ්බත් කුකුල් මස් අච්චාරු කාලා තියනවද ??? වෙනස්ම ක්‍රමයක් හැබැයි හරිම ප්‍රනීතයි.. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • කූකුල් මස් ග්‍රෑම් 300
  • මිරිස් කුඩු තේ හැදි 1 1/2
  • කහ තේ හැදි 1/2
  • ලුණු (අවශ්‍ය පමණ)
  • වියලි රතු මිරිස් කරල් 2
  • අමුමිස් කරල් 5
  • ඉගුරු සුවල්පයක්
  • සුදු ළුණු බික් 6
  • කුරුදූ පොතු අගල් 1/2 කැබැල්ලක්
  • බේ කොල 1
  • කරාබු නැටි 4
  • කරදමුංගු ඇට 2
  • කොත්තමල්ලි ඇට තේ හැදි 1/2
  • සුදුරූ තේ හැදි 1/4
  • කුඩු කරගත් අබ( Mustard) තේ හැදි 1
  • සිනි තේ හැදි 1
  • විනාකිරි මේස හැදි 5
  • එළවළු තෙල් කෝපප 1 1/4

✅ සාදා ගන්නා ආකාරය:

  1. කූකූල් මස් සෝදා වතූර බේරා ගෙන අගල් 2 පමන කැබලි වලට කපා ලුනු කුඩු,මිරිස්කුඩු,කහ කුඩු දමා හොදින් කවලම් කර තබන්න.
  2. භාජනයක් ලිප මත තබා තෙල් දමා රත් වෙන්න හරින්න (මැටි භාජනයක් නම් වඩාත් සුදුසුයි)
  3. තවත් බාජනයලක් ලිපමත තබා මදගින්නේ තබා කුළු බඩු එක් කර තරමක් දුබුරු පැහැ වනතුරු බැදගන්න.
  4. පසුව බැදගත් කුළු බඩු ටික කුඩු කරගන්න.
  5. ඉහත රත් වූ බාජනයටම රතු මිරිස්,සුදු ළුණු,අමුමිරිස්,ඉගුරු දමා යන්තමින් බැදගෙන එය ලුණු සුවල්පයක් දමා හොදින් කවලම් කරගන්න.
  6. තෙල් හොදින් රත් වූ පසු එයට කූකූල් මස් දමා රන් පැහැ වනතුරු බැදගන්න.(කූකූල් මස් බැදුන පසු තෙල් වැඩි යැයි හැගේ නම් භාජනයේ තෙල් මදක් ඉතිරි කර අනික් ටික ඉවත් කරන්න)
  7. ඉහත කුකුල් මස් හොදින් බැදුන පසු එයට වියලි රතු මිරිස්,අමුමිස්,සුදුළුණු ,ඉගුරැ මිශ්‍රණය එකතු කර මිනිත්තු 3 ක් පමන කවලම් කරන්න.(මෙම අවස්ථාවේදි ගින්දර අඩු කරගන්න)
  8. මෙයට කුඩු කරගත් කුළුබඩු මිශ්‍රණනයෙන් තේ හැදි 1 ක් පමන දමා කවලම් කරගන්න.අබ කුඩු ස්වල්පයක් එකතු කරගන්න.මෙය හොදීන් කවලම් කරගන්න.
  9. පසුව මෙයට විනාකිරි ද දමා මිනිත්තු 2ක් පමණ හොදින් කවලම් කරගෙන ලිපෙන් බා ගන්න.
  10. ඉහත කුළුබඩු දමන අවස්ථාවේදී මද ගින්නේ පිස ගැනීමට වග බලාගන්න.
  11. මෙය නිඋනු පසු හොදින් ජිවානුකරනය කරන ලද විදුරු බාජනයකට දමා ආවරණය කර දවසකට පසු ආහාරයට ගන්න. මෙය දවස් 8 පමන කල් තබා ගත හැක.

✅ සැලකිය යුතු කරුණු:

  • කුකුල් මස් වල ඇති වතුර ශාවණය හොදින් ඉවත් කරගන්න.
  • බේ කොල යනු කුළු බඩු වර්ගයකි මෙය වෙළද පොලෙන් මිලදී ගතහැක.
  • අමුමිස්, සුදු ළුණු ,ඉගුරැ වල වතුර ගතිය ඉවත් වෙන තුරු බැදගන්න.
කූකූල් මස් අච්චාරු (Kukul Mas Achcharu)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කූකූල් මස් අච්චාරු (Kukul Mas Achcharu) කූකූල් මස් අච්චාරු (Kukul Mas Achcharu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2021 Rating: 5

0 comments:

Post a Comment