Mata Kiya Denna Song Lyrics - මට කියා දෙන්න ගීතයේ පද පෙළ

Mata Kiya Denna Song Lyrics - මට කියා දෙන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Kiya Denna (මට කියා දෙන්න)
ARTIST : Raween Kanishka
LYRICS : Narada Wijesuriya
MUSIC : Nawarathna Gamage
Teledrama : Deweni Inima Teledrama Song දෙරණ TV


මට කියා දෙන්න යළි හිනා වෙන්න කඳුළු මාවතේ
ළඟ තියා ගන්න
යන්න නොදී අතැර ජීවිතේ
නෙතු පියා ගන්න මොහොතෙත් ඒ නිහඬ තත්පරේ
ඔබ දිහා බලා අසුරු සැනක් විඳිමි ආදරේ

ආදරේ කළේ නෑ කව්රුත් අපට අප තරම්
ඒ නිසා දරා ගමු තනියම මහ මෙරක් රිදුම්
ඔය දෑස් නිසා බෑ  මට හිත හදා ගන්න නම්
හමු වීම් තරම් ඇයි සුන්දර නැත්තෙ සමු ගැනුම්

සිය දහස් ගණන් කුරුළු කූඩු කඩා බිම දැමූ
දෛවයේ නපුරු සුළඟට දැන් ඉතිං ඉඩ දෙමූ
මතු ආත්මයක හමු වී අපි යළි හිනා වෙමු
මේ කතන්දරය ඉවර නොකර වෙන් වෙලා යමූ

මට කියා දෙන්න යළි හිනා වෙන්න කඳුළු මාවතේ
ළඟ තියා ගන්න
යන්න නොදී අතැර ජීවිතේ
නෙතු පියා ගන්න මොහොතෙත් ඒ නිහඬ තත්පරේ
ඔබ දිහා බලා අසුරු සැනක් විඳිමි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Kiya Denna Song Lyrics - මට කියා දෙන්න ගීතයේ පද පෙළ Mata Kiya Denna Song Lyrics - මට කියා දෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2023 Rating: 5

0 comments:

Post a Comment