Sanda Wathurak Se Song Lyrics - සඳ වතුරක් සේ ගීතයේ පද පෙළ

Sanda Wathurak Se Song Lyrics - සඳ වතුරක් සේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Wathurak Se (සඳ වතුරක් සේ)
ගායනය : ටී.එම්. ජයරත්න


සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ

උදා ළහිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා
උදා ළහිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා
සමිඳුණි ඔබ වේවා පහන් ටැඹ
මා ළය මඬලේ

සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ

මල් සුවඳක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා
මල් සුවඳක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා
සමිඳුණි ඔබ වේවා පිහිට මට
මේ භව කතරේ

සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Wathurak Se Song Lyrics - සඳ වතුරක් සේ ගීතයේ පද පෙළ Sanda Wathurak Se Song Lyrics - සඳ වතුරක් සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2023 Rating: 5

0 comments:

Post a Comment