Niwan Dutu Himi Song Lyrics - නිවන් දුටු හිමි ගීතයේ පද පෙළ

Niwan Dutu Himi Song Lyrics - නිවන් දුටු හිමි ගීතයේ පද පෙළ
Song Title : Niwan Dutu Himi (නිවන් දුටු හිමි)
Artist : Dr Victor Rathnayake
Lyrics : Premakeerthi De Alwis
Composed: Dr Victor Rathnayake


නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා

මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Niwan Dutu Himi Song Lyrics - නිවන් දුටු හිමි ගීතයේ පද පෙළ Niwan Dutu Himi Song Lyrics - නිවන් දුටු හිමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2023 Rating: 5

0 comments:

Post a Comment