Rosa Thol Sibimi Song Lyrics - රෝස තොල් සිඹිමි ගීතයේ පද පෙළ

Rosa Thol Sibimi Song Lyrics - රෝස තොල් සිඹිමි ගීතයේ පද පෙළ
Song Title : Rosa Thol Sibimi (රෝස තොල් සිඹිමි)
ගායනය : කරුණාරත්න දිවුල්ගන


රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි

පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි

අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Thol Sibimi Song Lyrics - රෝස තොල් සිඹිමි ගීතයේ පද පෙළ Rosa Thol Sibimi Song Lyrics - රෝස තොල් සිඹිමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2023 Rating: 5

0 comments:

Post a Comment