Pibidena Mal Gana Song Lyrics - පිබිදෙන මල් ගැන ගීතයේ පද පෙළ

Pibidena Mal Gana Song Lyrics - පිබිදෙන මල් ගැන ගීතයේ පද පෙළ
Song Title : Pibidena Mal Gana (පිබිදෙන මල් ගැන)
ගායනය : ඇනස්ලි මාලෙවන
සංගීතය / තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


පිබිදෙන මල් ගැන වැටෙනා පිණි ගැන
සොයා බලන්නට මට නිවනක් නැත
මගෙ සිත පිරිපුන් ඔබ ගැන සිතුවිලි
පුරා සඳක් සේ පිරී රැ‍‍ඳෙනු ඇත

මොහොතක් පාසා ඔබ ගැන සිතනා
මම කොහිදෝ ඔබ කොහිදෝ
සෙනෙහස් ගඟුලේ කිමිදේ සැනසේ
ඔබ දකිනා සඳ මගෙ සිත සැනසේ

තුරු සෙවණේ අපි තනි වී සිටියා
සිහිවේදෝ සිත කැළඹේදෝ
සොඳුරු ලොවක ඇති පැහැය සිතෙහි නැත
ඔබ ගැන පමණි විමසන්නේ සිත

පිබිදෙන මල් ගැන වැටෙනා පිණි ගැන
සොයා බලන්නට මට නිවනක් නැත
මගෙ සිත පිරිපුන් ඔබ ගැන සිතුවිලි
පුරා සඳක් සේ පිරී රැ‍‍ඳෙනු ඇත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pibidena Mal Gana Song Lyrics - පිබිදෙන මල් ගැන ගීතයේ පද පෙළ Pibidena Mal Gana Song Lyrics - පිබිදෙන මල් ගැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2023 Rating: 5

0 comments:

Post a Comment