Gata Dodam Song Lyrics - ගැට දොඩම් ගීතයේ පද පෙළ

Gata Dodam Song Lyrics - ගැට දොඩම් ගීතයේ පද පෙළ
Song Title : Gata DodamGata Dodam (ගැට දොඩම්)
Singing : Sanjula Himala ft. Kaizer Kaiz
Produced by Sanjula Himala
Lyrics : Shehan Galahitiyawa
Guitars : Kavin Harshana
Music | Mix & Master : Sanjula Himala @ Reazon Records
Directed by Jayanath Hettiarachchi
Cinematography by Irushka Bogoda
Edit : Jayanath Hettiarachchi
Color Grade & VFX : Hasitha Jayasanka


කලු පාටට ඇඹරෙන කලු දොදොල්
රස කාලා බලා ඉදපං
දුර ඈතට දිලිසෙන රතු ඇපල්
ලග පාතට කුනු නේ බං
පසු පස්ස සලාගෙන
යන්න වනාගෙන
මෙහෙට හැරී බලපං

මට හීන මවාගෙන ඉන්න බෑ
කොන්ඩේ ගැටේ ලිහපං
ගැට දොඩම්
මෙහෙ වරෙන්
ගැට දොඩම්
කාලා යමං

දිය රෙද්දට මතුවෙන
පොඩි බුබුල්
මගේ නින්ද කඩා දමපං

නිසි කාලෙට මත් වෙන පැනි දොඩං
රස කිමද කියා බලපං
මගේ හෘදේ පලාගෙන යන්න තරම් ලග
ඉන්න ඉඩක් දීපං
නුඹ දාලා කොහේවත් ‍යන්න බෑ
වත්ත වටේ මට නං

හඳපානේ දෑසේ
ආශා වෑහේ
මදහාසේ ඈගේ මාහා පෑහේ
රෑ යාමේ නෙතු පියවෙන්නෙ නෑ
ඔබ වාගේ යලි හමුවන්නේ නෑ

ගැට දොඩම්
මෙහෙ වරෙන්
ගැට දොඩම්
කාලා යමං

මල් සරාගේ දුන්න කපා
විදින්න අදිද්දී මං ගැටුනා
මහ බබාගේ බයිසිකලේ බකල්
නලලේ කොටන්න ඒත් බිම ඇද වැටුනා

මල්සරුන් අද නෑ
ඇගේ නම් හිටියා වගේ කොල්ලෙක්
ගැට දොඩං කන්න හිතං
කෙල පෙරෙං රෑ
වැඩකට මං එන්නද අදත් ‍රෑ

මල් චීත්තේ කැහැපොට ගහගෙන
හාල් වනලා උඹ
මගේ හිත රවටපු හැටි
පද්දන පැද්දිල්ල මැද්දට
හාල් දැම්මා නම්
ඇබරිය හැකි ගෝනිය පිටින්

මඩක්කුවේ කවුපි බත නම්
හරි රහයි
ඔඩොක්කුවේ නිදියන්නේ
විනාඩි පහයි
නෑයෝ දැක්කොත් මට තඩිබායි
එහෙනම් කෙල්ලේ බායි
හෙටත් එනම් කන්න උඹේ

ගැට දොඩම්
මෙහෙ වරෙන්
ගැට දොඩම්
කාලා යමං

ගැට දොඩම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gata Dodam Song Lyrics - ගැට දොඩම් ගීතයේ පද පෙළ Gata Dodam Song Lyrics - ගැට දොඩම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2023 Rating: 5

0 comments:

Post a Comment