Sara Guwana Wida Nagunu Song Lyrics | සරා ගුවන විදා නැඟුණු ගීතයේ පද පෙළ

Sara Guwana Wida Nagunu Song Lyrics | සරා ගුවන විදා නැඟුණු ගීතයේ පද පෙළ
Song Title : Sara Guwana Wida Nagunu (සරා ගුවන විදා නැඟුණු)
ගායනය : විජය කුමාරතුංග
පද : චන්ද්‍රසිරි පල්ලියගුරු
තනුව : ප්‍රේමසිරි කේමදාස
1991 වසරේ තිරගතවූ "දොළොස් මහේ පහන" චිත්‍රපටියේ ගීයකි.1992 පැවති 20 වැනි සරසවි සම්මාන උළෙෙල්දී හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානය ලැබුණේ මේ ගීය වෙනුවෙනි.විජය මෙහි රංගනයෙන් දායක වූයේ නැත.


සරා ගුවන විදා නැඟුණ
තුමු සමනල සෙවණැල්ලේ
කාන්දු වෙන සැඳෑ අඳුර
ඔබත් මාත් වෙළනා වේලේ

ඔබෙ දෙනෙත් කැළුම්
රැහැන් පටින්
මා හද බැඳුණා

පවස නිවාලා
සිහිලැල් දිය කඳුරින්
හිමව් කුළේ වා රැළි පීරාගෙන

අසීරුවෙන් ගිරි හිස නැඟිලා
පැතුවේ ඔබෙ බැති බර දෑසයි

දොළොස් මහේ
පහනේ ජීවය
ඇඟිලි තුඩින් පොඟවා ගෙන හෙමිහිට

ඔබ මා හිස පිරිමදිනා වේලේ
පැතුවේ ඔබෙ බැති බර දෑසයි

සරා ගුවන විදා නැඟුණ
තුමු සමනල සෙවණැල්ලේ
කාන්දු වෙන සැඳෑ අඳුර
ඔබත් මාත් වෙළනා වේලේ

ඔබෙ දෙනෙත් කැළුම්
රැහැන් පටින්
මා හද බැඳුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sara Guwana Wida Nagunu Song Lyrics | සරා ගුවන විදා නැඟුණු ගීතයේ පද පෙළ Sara Guwana Wida Nagunu Song Lyrics | සරා ගුවන විදා නැඟුණු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2023 Rating: 5

0 comments:

Post a Comment