Riduman Song Lyrics | රිදුමන් ගීතයේ පද පෙළ

Riduman Song Lyrics | රිදුමන් ගීතයේ පද පෙළ
Song Title : Riduman (රිදුමන්) රිදුමන්
Melody Composed & Performed by Lakshitha Mihiran
Lyrics by Umera Pathirana
Music Composed, Mixed, Mastered by Themiya Thejan 
Recorded @cyclestudios
Label : MREC Entertainment


මං ගාව ආයේ ආල කම් නෑ ආල කන්‍යාවේ
හංගාන රිදුමන් මැවු හිනාවෙන් නුඹව සැනසූවේ
දෑස පාරන වේදනා කිම ඔය ළමැද පැතුවේ
ආයෙ දවසක අපිම අප හැර යනෙන පෙම් පාරේ

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලං වේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්‍යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී

වෙන්ව යන ඉම මා දෑස මානෙම වේ
තෙමෙන උරහිස මේ නුඹට වාරුව වේ

රිදෙන රිදවන වේදනාවන් හමුවේ
කෙලෙසකද බැඳුනේ ආල කන්‍යාවේ
අපිට අපි හිමි නැති මඟේ කෙළවර ද හැඳිනූයේ
නුඹව අත හැර යනෙන බැව් දැන කිම ද තව ළං වූයේ

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලං වේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්‍යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලං වේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Riduman Song Lyrics | රිදුමන් ගීතයේ පද පෙළ Riduman Song Lyrics | රිදුමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2023 Rating: 5

0 comments:

Post a Comment