Nomaga Noyan Puthe Song Lyrics | නොමග නොයන් පුතේ ගීතයේ පද පෙළ

Nomaga Noyan Puthe Song Lyrics | නොමග නොයන් පුතේ ගීතයේ පද පෙළ
Song Title : Nomaga Noyan Puthe (නොමග නොයන් පුතේ)
ගායනය : විල්බට් ඇන්තනි
තනුව : දයාරත්න රණතුංග
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ


නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම නුඹට
බාරයි මගෙ පුතේ
බාරයි මගෙ පුතේ //
නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //

අද කැඩු දේ හෙට ඕනෑ
විය හැකි වන නිසා
රටට උරුම කිසිම දෙයක්
බිම නොදමන් නසා
බිම නොදමන් නසා //

තරුණ සවිය රට නැඟුමට
යොදනු සොඳින් සිතා
ඔබේ උපන් බිම කවදත්
ඔබටයි මගෙ පුතා
ඔබටයි මගෙ පුතා //

නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම නුඹට
බාරයි මගෙ පුතේ
බාරයි මගෙ පුතේ //

යෝධ මහල් නැහැ කොහෙවත්
එක දවසින් තැණුනේ
ගඩොලින් ගඩොලක් තබලා
සෙමින් සෙමින් බැඳුණේ
සෙමින් සෙමින් බැඳුණේ //

දුර නොබලා ඉක්මන් වී
නෑ නෑ පල ලැබුණේ
යන්නෙ කොහේදැයි නොම දැන
නොයන් ගමන් පුතුනේ
නොයන් ගමන් පුතුනේ //

නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම නුඹට
බාරයි මගෙ පුතේ
බාරයි මගෙ පුතේ //
නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nomaga Noyan Puthe Song Lyrics | නොමග නොයන් පුතේ ගීතයේ පද පෙළ Nomaga Noyan Puthe Song Lyrics | නොමග නොයන් පුතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2023 Rating: 5

0 comments:

Post a Comment