Kaha Kude Song Lyrics - කහ කුඩේ ගීතයේ පද පෙළ

Kaha Kude Song Lyrics - කහ කුඩේ ගීතයේ පද පෙළ
Song Title : Kaha Kude (කහ කුඩේ)
Singing : Sanjeew Lonliyes


තාත්තගෙ ගිනි දියට ගෙපැළ යට වෙලා
අවසානේ සොහොන් ගෙය නවාතැන උනා
පූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනා
පොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා

ඉරණමට අම්මටයි මටයි මේ අත්වූ
දැක නමුත් හැරගියා ගොඩක් බෝසත්තු
කඳුළු මල්වඩම් නෑ දුක බෙදාගත්තූ
තනිවෙච්ච කෙනෙරටයි ලංවුනෙත් ඇත්තු

පන්සලේ පොල්වත්තේ මැටිගහපු පැල
එදාසිට වී අපේ නවාතැන්පල
තේරුමක් දන්නෙනැති කතන්දරවල
අරුත පහදන් අම්මේ කොතැනකද මුල

තාම මන් හොයනවා කරුණාවෙ හැඩේ
අතරමන් වෙනවාමද ගුරුවරුත් නඬේ
නෙළුම්මල් ආස ඇයි රැඳෙන්නම මඩේ
අම්මෙ ගෙයි කාගෙ මේ කහපාට කුඩේ

තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලා
අවසානේ සොහොන් ගෙය නවාතැන උනා
පූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනා
පොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaha Kude Song Lyrics - කහ කුඩේ ගීතයේ පද පෙළ Kaha Kude Song Lyrics - කහ කුඩේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2023 Rating: 5

0 comments:

Post a Comment