කොකනට් තැවරුම සහිත චොක්ලට් කේක් (Chocolate Cake)

කොකනට් තැවරුම සහිත චොක්ලට් කේක් (Chocolate Cake) - Your Choice Way

ඉතාම රසවත් කේක් එකක් ඒවගේම පහසුවෙන් හා අඩුම වියදමකින් හදා ගන්න පුළුවන් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

☘️ භාජනයක් ගෙන එයට
  • 🌸 කිරි කෝප්ප 1 ක්
  • 🌸 සීනි කෝප්ප 1/2 ක්
  • 🌸 තෙල් කෝප්ප 1/4 ක්
  • 🌸 දෙහි යුශ මේස හැඳි 1 ක්
  • 🌸 ලුණු පිංචක් 
  • 🌸 වැනිලා තේ හැඳි 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ඉහත සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. (බීට් කරන්න.)
  2. විනාඩි 10 ක් පසෙකින් තබන්න.

දැන් එම මිශ්‍රණය ටිකක් මිශ්‍ර කර එයට

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌸 තිරිඟු පිටි කෝප්ප 1 ක් 
  • 🌸 කොකෝවා පවුඩර් මේස හැඳි 2 ක්
  • 🌸 බේකින් පවුඩර් තේ හැඳි 1 ක් 
  • 🌸 බේකින් සෝඩා තේ හැඳි  1/2  ක්
  • 🌸 කිරි පිටි මේස හැඳි 2 / කෝන්ෆ්ලාර් මේස හැඳි 2 ක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. එකට හලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  2. තෙත ගතිය මදි වගේ නම් නැවත කිරි මේස හැඳි 2 ,3 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  3. දැන් බේකින් පේපර් එකක් එලූ අඟල්  8 ක තැටියක දමා , 
  4. 180 °C න් විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක විනාඩි 30, 40 ක් පමණ බේක් කර ගන්න.

කොකනට් ක්‍රීම්  ෆිලින්ග් එක සාදා ගැනීම,

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

භාජනයක් ගෙන එයට  
  • 🌸 කිරි කෝප්ප 1 ක්
  • 🌸 අයිසින් සීනි / සීනි කෝප්ප 1/2 ක්
  • 🌸 ලුණු තේ හැඳි 1/4 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. දමා හොඳින් මිශ්‍ර කර ලිප තබා රත් කරන්න .

එයට

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌸 ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1 ක් (ඔයාලට ඩෙසිකේටඩ් කොකනට් ගෙදර හදා ගන්න පුළුවන්)
  • 🌸 කිරිපිටි මේස හැඳි 2 ක් හෝ කෝන්ෆ්ලවර් මේස හැඳි 2 ක්

✅ සාදා ගන්නා ආකාරය :
  1. එකතු කර හොඳින් මිශ්‍ර කරමින් මිශ්‍රණය තරමක්  ඝන වනතුරු හැඳි ගාන්න.
  2. මිශ්‍රණය තරමක් ඝන වූ පසු ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න තබන්න.

චොක්ලට් ග්ලේස් එක සාදා ගැනීම.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌸 අයිසින් කෝප්ප 1/2 ක්
  • 🌸 කොකෝවා පවුඩර් මේස හැඳි  1 1/2 ක් 2 ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය :

  1. හොඳින් මිශ්‍ර කරන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌸 කිරි මේස හැඳි 2 ක් පමණ 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌺 ටිකින් ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කර ගන්න.
  2. 🌺 කේක් එක බේක් වූ පසු නිවෙන්න තබන්න.
  3. 🏵️ නිවුනු කේක් එක කොටස් දෙකකට කපා ගන්න.
  4. 🌺 කපාගත් කේක් එක් කොටසක් ට්‍රේ එක මත තබ සුගර් සිරප්  හෝ කිරි ආලේප කරන්න.
  5. 🌺 දැන් ඒ මත සාදාගත් කොකනට් ෆිලින්ග් එක අතුරා තුනීකර ගන්න.
  6. 🌺 නැවත ඒ මත අනෙක් කපාගත් කේක් කොටස තබා කිරි ආලේප කරන්න. විනාඩි 15ක් පමණ ශීත කර ගන්න .
  7. 🌺 දැන් සාදාගත් චොක්ලට් ග්ලේස් එක කේක් එක මත දමා විසුරුවා ගන්න.
  8. 🌺 කේක් එක මත රවුමට කොකනට් ෆිලින්ග් එකෙන් සරසා ගෙන මැදට ඩෙසිකේටඩ් කොකනට් ඉස ගන්න.මතුපිට ඔයාලට කැමති ආකාරයකට සරසා ගන්න පුළුවන්.ඔයාලට ප්‍රමාණයෙන් ලොකු කේක් එකක් අවශ්‍ය නම් මේ ප්‍රමාණ දෙගුණයක් අරන් හදා ගන්න.

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
කොකනට් තැවරුම සහිත චොක්ලට් කේක් (Chocolate Cake) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොකනට් තැවරුම සහිත චොක්ලට් කේක් (Chocolate Cake) කොකනට් තැවරුම සහිත චොක්ලට් කේක් (Chocolate Cake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2023 Rating: 5

0 comments:

Post a Comment