මළ ගිය ආත්මය දොල පිදෙනි එපා කියයි (Dola Pideni)

මළ ගිය ආත්මය දොල පිදෙනි එපා කියයි (Dola Pideni) - Your Choice Way

සෙනසුරාදා දවසක උදේ එක අම්මා කෙනෙක් එයා ගෙ දුව කියලා හිතන්න පුලුවන් කෙනෙක් එක්ක කට්ටඩියෙක් හොයාගෙන ඒ කට්ටඩියා ගෙ ගෙදරට එනවා ඒ කට්ටඩියාට කරුනෙ මාමා කියලා අපි කියමු .

ඉතින් කරුනෙ මාමා බැලුවා උදේ පාන්දර ගෙදරට කඩාවැදුන මේ බවලත්තු දෙන්න කවුද කියලා . එකත් හිතන ගමන් ම කරුනෙ මාමා ඉස්තෝප්පුවට ගියෙ කවුරු උනත් ගෙදරට ආව කෙනෙක් නෙ කියලා හිතලා. ඉතින් කරුනෙ මාමා දැක්ක ගමන් බුලත් අතක් දීල මේ දෙන්න කරුනෙ මාමා ට වැදල අය්නකට උනා .

ඉතින් කරුනෙ මාමා මේ දෙන්න ගෙන් අහනවා උදේ පාන්දර මේ උදවිය කොහේ යන ගමන්ද කියලා . කොහෙවත් නෙවෙයි අපි මෙ මාමාව හම්බ වෙන්නමයි ආවෙ කියලා . මොකක්ද ඉතින් ඔය තරමට මාව හම්බ වෙන්න තිබූන උවමනාව මෙ අයට. අනෙ මාමෙ මගෙ පොඩි කෙල්ලට මොකක්දො දෝසයක්. දැන් ඒකි යකින්නක් වගෙ. පින් සිද්ද වෙයි මගෙ කෙල්ල බේරල දෙන්න කියලා කරුනෙ මාමා ලග පින්සේන්ඩු උනා .

මොකක්ද දැන් කෙල්ලට වෙලා තියෙන්නේ . ඒකිගෙ තාත්තාගේ හත්දොහෙ දානෙ තිබුණේ ඊයේ .ඊයේ හවස ඉදන් ඒකි ඉන්නෙ ඒකිගෙ තාත්තා වගෙ.

ගෙදර ඉන්නෙත් ඒකිය් මාය් විතරයි . මේ ඉන්නෙ මගෙ ලොකු දුව . මෙයා කසාද බැදල වෙනම ඉන්නෙ . මේ වෙලාවෙ මම හොදටම අසරණයි මාමෙ. හොදයි මම එන්නම් . ගෙදරට එන පාර මේ කොල්ලාට කියනවාකො කියලා කරුනෙ මාමා මුනුබුරාට කතා කරලා කරලා කිව්වා ඒ ගෙදරට යන පාර අහගෙන යන්න ලැස්ති වෙන්ඩ කියලා .

පාර අහගෙන ඒ දෙන්න පිටත් කරපු කරුනෙ මාමා උදේට කාල එහෙම මුනුබුරා එක්ක ගමන යන්න පිටත් උනා . ඒ ගෙදර තිබුන ත්‍රී වීල් එකෙන් . ටික වෙලාවකින් කිව්ව ගෙදරට මේ අය ගියා . යනකොට අර අම්මා යි දුව යි තව දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ ගෙදරට වෙලා හැබැයි ඒ හැම කෙනාගෙම මූනවල් බයෙන් පිරිලා තිබුණේ . කොහොම හරි කරුනෙ මාමා ගෙදර කඩුල්ල පනින කොටම තෙරුනා හිතාගෙන ආවාට වඩා දෙයක් ඒ ගෙදර තියෙනවා කියලා . ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිතලා අර කෙල්ලගෙ අම්මා පස්සෙන් ගියා ඒ කෙල්ල ඉන්නවා කිව්ව කාමරෙට.

අනෙ ඉතින් කාමරෙට යද්දී කෙල්ල ඉන්නවා . ඒ ඉන්නෙ ඒකිගෙ තාත්තාගෙ කාමරෙ තාත්තා නිදා ගත්තු තනට වෙලා . තාත්තාගෙ සරමකුයි ශර්ට් එකකුයි දාගෙන තාත්තාගෙ දානෙට උයන්න ගෙනාව කුකුලෙක් අමුවෙන්ම චර චර ගාල කනවා . කෙල්ලගෙ අම්මා කදුලු පුරවගෙන ඒකි දිහා බලා ඉන්නවා . කරුනෙ මාමාත් මන්තරයක් මතුරන ගමන්ම ඔය සිද්ධිය දිහා බලාගෙන හිටියා . ඒත් ඒ මතිරිල්ලෙන් වැඩක් උනෙ නැ . කරුනෙ මාමාට පුදුමෙකුත් හිතුන ඒ මරිල තුන් මාසෙකුත් නොගිහින් කෙල්ලගෙ ශරීරෙට අවිත් දවසක් යන්නත් කලින් මේ මල පෙරෙතය මේ තරම් මුරන්ඩු උනෙ කොහොමද කියලා . උගෙ මුරන්ඩුවෙන් මට කමක් නැ ඔහොම ටිකක් ඉදපන්කො කියලා පීරිසියකට පොල්තෙල් ටිකක් දාල ඒකට කහ ටිකක් දාල ගේන්න කිව්වා .

හත් පාරක් ජීවම් කරන්න ඔනි මන්තරෙ තුන් වෙනි පාර ජීවම සම්පූර්ණ වෙනකොටම ආතුරය වෙනස් උනා .දැන් ඒ කෙල්ල කුනුහරපෙන් බනිනව ,කෙල ගහනව,ඔරවනව කරුනෙ මාමා ජීවම ඉවර කරද්දීම කෙල්ල කතා කරා.

මොකද උබ මට වද දෙන්නෙ. මට මගෙ පාඩුවෙ ඉන්ඩ දියන්.

අපි නෙවෙයි බොල මරිලත් තොගෙ පාඩුවෙ ඉන්නෙ නැතිව තෝනෙ මේකෙ රින්ගල අපිට වද දෙන්නෙ. තෝ මොකද ආයෙ ආවෙ.

මම ඉන්නකන් මුන් මට වද දුන්න. එකයි මම මරුනෙ. මට මුන් එක්ක කෙන්තියි.මම මුන් ගෙන් පලි ගන්නවා

උබ දැන් ජීවතුන් අතර නැ . උබෙන් දැන් අපිට වැඩක් නැ ඒත් ජීවත් වෙලා ඉන්න මෙකෙල්ල තවම පොඩ්‍ඉ උබට ඒකිට කරදරයක් කරන්න දෙන්නේ නැ . ඔනි දෙයක් තියෙනවානම් කියාපිය පෙරේත තටුවෙ තියල දෙන්නම් . ඒකත් අරන් පල මෙහෙන්.

මට උබෙ දොල පිදෙනි ඔනි නැ .ඊයේ ආව හාමුදුරුවෝ මට ඔනි දෙ දෙන්නම් කිව්වා. කියලා අප උනා. මේ බලපන් නූල කියලා අත පෙන්නුවා . ඒ වෙලාවෙ තමය් කරුනෙ මාමාට තරු පෙනුනෙ.

මොකක්ද බොල මෙක මේ කියන්නේ කියලා කෙල්ලගෙ අම්මා ගෙන් අහුවා . මාමා මොකුත් හිතයි කියලා මම කිව්වෙ නැ. හදිස්සියට අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවෝ ඊයේ වඩම්මවල කෙල්ලව පෙන්නුවා . හාමුදුරුවෝ කෙල්ලව සනීප කරන්න 50000 ක් ඉල්ලුවා.අපිට මේ වෙලාවෙ ඒතරම් වත්කමක් නැ . ඒකයි මාමාව හොයාගෙන ආවෙ. වරදක් උනා නම් සමාවෙන්න .

වත් පෝසත් කමක් වත් වෙන දෙයක් වත් නෙවෙයි උබ මෙ කරපු දෙ නිසා තව ඩිංගෙන් මාවයි මේ කෙල්ල යි දෙන්නම අමාරුවෙ නෙ බන්. වෙන අදුරෙක් එලවන්න පොරොන්දු උන පෙරේතයෙක් මට එලවන්න බැ. එහෙම කරොත් ඒක එන්නෙ මගෙ පස්සෙ . ඒක මේ සාස්තරෙ හැටි ඔය එක්කන් ආව කියන උන්නාන්සෙ මෙකා මේ කෙල්ලට බන්දල තියල ගිහින් . දැන් උන්නාන්සෙට විතරයි මේකාව එලවන්න පුලුවන් . උන්නාන්සෙට කතා කරල මොනවා හරි කරල මෙකාව ඉක්මනට එලවපල්ලා. නැත්තම් මෙකිට අනාගතයක් නැතිවෙයි . අපි යනවා කියලා කරුනෙ මාමා යන්න ගියා.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මළ ගිය ආත්මය දොල පිදෙනි එපා කියයි (Dola Pideni) මළ ගිය ආත්මය දොල පිදෙනි එපා කියයි (Dola Pideni) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2023 Rating: 5

0 comments:

Post a Comment